July 11, 2026
Local NewsNews

ගණේමුල්ලේ සංජීව ඝාතනය ගැන විනිසුරුවරියගෙනුත් ප‍්‍රශ්ණ කරන්න යයි..

නීතිඥ වෙස් ගෙන අධිකරණය වෙත ඇතුළු වී පාතාල කල්ලි නායක ගනේමුල්ල සංථීව නමැත්තා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව ඇසින් දුටු තවත් එක් සාක්ෂියක් ලෙස එම අවස්ථාවේ අධිකරණයේ මුලාසනයේ සිටි අතිරේක මහේස්ත්‍රාත්වර්යගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බව ජ්‍යෙෂ්ඨතම පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ සම්බන්ධයෙන් දැනටමත් කොළඹ දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හරහා ලිඛිතව ඉල්ලීමක් කර ඇතැයිද එම නිලධාරියා කීය.

මනුෂ්‍ය ඝාතනය ඇතුළු අපරාධ රැසක් මෙහෙය වූ පොතාල කල්ලි නායක සංජීව කුමාර සමරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තා ඉකුත් 19 වැනි දින බුස්ස බන්ධනාගාරයේ සිට කොළඹ අලුත් කඩේ අංක 5 මහේස්ත්‍රාත් අධිකරණය වෙත දැඩි ආරක්ෂාව මද්ධ්‍යායේ රැගෙන ඒමෙන් අනතුරුව මඳ වේලාවකදී විත්ති කුඩුව මත සිටියදී නීතීඥ වෙස් ගෙන පුටුවක අසුන්ගෙන සිටි වෙඩික්කරු එකවරම අසුනෙන් නැගිට කුඩුව අසලටම පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර ගිනි අව්‍ය එම ස්ථානයේම දමා පලා ගොස් තිබිණ.

එම ඝාතනය සම්බන්ධයෙන් වෙඩික්කරු එදිනම් පුත්තලම පොලවිය ප්‍රදේශයේදී පොළිස් විශේෂ කාර්ය බලකායේ විසින් අත්අඩංගුවට ගෙන කොළඹ අපරාධ කොට්ඨාසය වෙත භාර දෙනු ලැබීය.

ඒ අනුව එම අපරාධය සිදු වූ ඉකුත් 19 වැනි දින ගනේමුල්ල සංජීව අලුත් කඩේ අධිකරණය අංක 5 ශාලාව වෙත රැගෙන ආ බුස්ස බන්ධනාගාරයේ නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගෙන් ද, එදින අධිකරණ ශාලාව තුළ අසුන්ගෙන සිටි නීතිඥ මහත්මා මහත්මින්ගෙන්ද,සිරමැදිරියේ රඳවා සිටි කාන්තා රැඳවියකු ඇතුළු රැඳවියන් අට දෙනකුගෙන් හා මේ වන විටත් අතුරුදහන්ව සිටින ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය නීතීඥ කාමරය තුළ අසුන්ගෙන සිටි බවට ඇසින් දුටු බව කියන අලුත්කඩේ නීතිඥ සංගමයේ සභාපති (මහේස්ත්‍රාත් අධිකරණයේ) ගුණරත්න වන්නිනායක මහතාගෙන්ද ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇතැයි එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

පාතාලයේ සිය අණසක පතුරගෙන සිටි මාකිලංගමුවේ සංජිව නොහොත් ගනේමුල්ලේ සංජීව යනුවෙන් හඳුන්වන සංජීව කුමාර සමරරත්න නමැත්තා ඝාතනයට ලක්වී අදට හර්යටම දින 9 කි. පුද්ගලයන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතත් වෙඩික්කරු වෙත අපරාධ නඩු විධාන සංග්‍රහ පොතක පිටු අතර තනන ලද කුහරයක් තුළ සඟවා නීතීඥ වෙස් ගෙන ගිනි අවිය අධිකරණය තුළට රැගෙන ගිය පින්පුර දේවගේ ඉෂාරා සෙව්වන්දි වීරසිංහ (25) නමැති සැකකාර්ය අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ වලට මෙතෙක් හැකියාවක් ලැබී නැත.

මෙම අපරාධය සම්බන්ධයෙන් වැඩ බලන පොළිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරියගේ නියෝග මත බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොළිස්පති සංජීව ධර්මරත්න මහතාගේ උපදෙස් මත කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොළිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටි මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ විමර්ශන සිදු කෙරේ.

Related posts

තෙල් පෝලිමේ සිටි පුද්ගලයෙක් මිය යයි..

Shiran Viraj

චතුරංග ප්‍රථම පදක්කම දිනාගනියි

Shiran Viraj

රනිල් විශ‍්‍රාම යන්න සූදානම් කරයි.. මහනාහිමිවරුන් හමු වී ස්තුති කරයි.. විශ‍්‍රාම පහසුකම් සලසන්නැයි මහින්දට දන්වයි..

Shiran Viraj