April 3, 2026
Local NewsNews

දේශබන්දු අල්ලන්න පොලිස් මෙහෙයුමක්..

2023.12.31 වන දින වැලිගම ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමකට, වැලිගම පොලිස් ස්ථානයට අනුයුක්තනිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ඨාසයට අනුයුක්තව සිටි පොලිස් සැරයන්වරයෙකු ජීවිතක්ෂයට පත්විය.

මේ පිළිබඳව පැවති මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ තීන්දුව 2025.02.27 වන දින මාතර ගරු මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කර ඇත.

ඒ අනුව වැලිගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වෙඩි තැබීම පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මතපිහිටා සිදු කරන ලද වෙඩි තැබීමක් බවත්, ඒ අනුව ඔවුන්ට එරහිව කිසිදු නෛතික ක්‍රියාමාර්‌ගයක් නොගන්නා ලෙසටත් දන්වා ඇත.

කෙසේ නමුත් අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මෙම ස්ථානයට යොමු කිරීම නීත්‍යානුකූල නොවන ලෙස සිදුවී ඇති බවත්, ඒ අනුව එදින එම ස්ථානයට පැමිණි නිලධාරීන් සහ එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කිරීම සඳහා ගරු අධිකරණය විසින් නියෝග කොට ඇත.

එම නියෝගය අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි විර්මශන කටයුතු සිදු කිරීමට නියමිතය.

Related posts

මහින්දගෙන් විමල්ට උපදෙසක්

Shiran Viraj

ඉන්දීය ධීවරයින්ට එරෙහිව යාපනය මුහුදේදී කලුකොඩි විරෝධතා…

Shiran Viraj

සති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…

Shiran Viraj