26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

දුරකථන කුලුණකට විරෝධය.. රාත්‍රීයේ හොරෙන් හාරයි…

මෙරට පෞද්ගලික ජංගම දුරකථන සමාගමක සම්ප්‍රේක්ෂණ කුලුණක්  මහජන අදහස් විමසීමකින් තොරව කුලුණ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීම සම්බන්ධයෙන් හැටන් සමනළගම සහ බණ්ඩාරනායකපුර පදිංචිකරුවන් (28) දින විරෝධය දක්වන ලදී.

හැටන් දික්ඔය නගර සභාවේ අනුමැතිය සහිතව එම සමාගම විසින් හැටන් ප්‍රදේශයේ දුරකථන සංඥා අවහිර වී ඇති ප්‍රදේශ ආවරණය කිරීම සදහා හැටන් සමනළගම ළමා උද්‍යාන ඉඩමේ සංඥා කුලුණ ඉදිකිරීම සදහා (27) රාත්‍රියේ වලවල් කැපීමේදී ජංගම දුරකථන සමාගමක පදිංචිකරුවන් එම ස්ථානයට ගොස් සිය විරෝධය දක්වා වලවල් කැපීම් කටයුතු තාවකාලිකව නතර කර ඇත.

ගම්වාසීන් කියා සිටින්නේ හැටන් දික්ඔය නගර සභාවේ ඇතැම් නිලධාරිනගේ සහයෝගය මත අදාළ සමාගම විසින් කුලුණ ඉදිකිරීම් කටයුතු ආරම්භකර ඇති බවයි.

ගම්මාන මද්‍යයේ පිහිටි ළමා උද්‍යාන භූමියේ ජංගම දුරකථන සංඥා කුලුණක් ඉදිකිරීම අනාරක්ෂිත බවයි.

කුලුණ සම්බන්ධයෙන් නැගුන මහජන විරෝධය පිලිබදව සොයා බැලීමට නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති සහ ජාතික ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. වන මංජුල සුරවීරආරච්චි මහතා සහ කලෛචෙල්වි මෙනවිය, හැටන් දික්ඔය නගර සභාවේ නිලධාරින්, ජංගම දුරකථන කුලුණ ඉදිකිරීම් සමාගමේ නිලධාරින් සහ එම ගම්මානයේ පදිංචිකරුවන් අතර, සාකච්ඡාවක් (28) දින එම ගම්මානයේදි පැවැත්විනි.

එම සාකච්ඡාවේදි හැටන් දික්ඔය නගර සභාවේ නිළධාරින් කියා සිටියේ එම කුළුණ ඉදි කිරීමෙන් ප්‍රදේශයේ ජංගම දුරකථන පාරිභෝගිකයන් හට පුළුල් සේවාවක් ලැබෙනවා සේම එම සමාගමෙන් හැටන් දික්ඔය නගර සභාවට මාසිකව රු. දසදහසක අමතර ආදායමක් ලැබෙන බවයි.

එම සාකච්ඡාවේදීද ගම්වාසීන්ගෙන් දැඩි විරෝධයක් මතුවිම හමුවේ එම කුලුණේ ඉදිකිරීම් කටයුතු තාවකාලිකව නතර කර ඒ පිලිබදව මාර්තු 04 දින නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමේදී සාකච්ඡා කර විසදුමක් ලබා දෙන බව ජාතික ජනබලවේගයේ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. වන මංජුල සුරවීරආරච්චි මහතා පැවසීය.

Related posts

‘රටක් එක නීතියක්’ ප‍්‍රධානී ඥාණසාර හිමි ජනාධිපති මාධ්‍ය මධ්‍යස්ථානයේ සිට රට අමතයි..

Shiran Viraj

ඔබටත් හතිය තියෙනවද? එය නිට්ටාවටම සුවකරගන්නේ කෙසේද? හරියටම දැනගන්න

Shiran Viraj

දියවන්නා ඇලට ගිය BMW අයිතිකාරයා මගේ ඥාතියෙක්…! ඇමති කබීර් හෂීම් කියන කතාව…!

Shiran Viraj