27 C
Colombo
July 27, 2025
Local NewsNews

ෂෙඩ් හිමියන් තද තීන්දුවක..

රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් රාත්‍රී අටට වසා දැමීමට ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සම ලේකම් කපිල නා ඔටුන්න මහතා කියා සිටියේ ඉන්ධන ඇනැවුම් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම පියවරද ගන්නා බවය.

පිරවුම්හල් හිමියන්ට මෙතෙක් ලබා දුන් සියයට තුනක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්වමින් මෙම පියවරයන් ගෙන තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහොමයක් මීට පෙර පැය විසි හතරක කාලයක් සේවාව සැපයූ බවය.

ඉන්ධන පිරවුම්හල්වලට සිකුරාදා දින ඇණැවුම් කරන ලද ඉන්ධන තොග ඊයේ සහ අද වන විට අවසන් වනු ඇති බවද ඔහු පැවසීය.

නව තොග ඇනැවුම් කර නැති බවද පැවසූ ඔහු සඳුදා දිනය වන විට රට පුරා ඉන්ධන හිඟයක් මතුවුණු ඇති බවද කියා සිටී.

Related posts

දකුණු අප්‍රිකාවට පහසු ජයක් හිමිකර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම දෙවන තරඟයට සූදානම්..!

Shiran Viraj

IDH පීසීආර් යන්ත්‍රය හෙට යථා තත්ත්වයට පත්කරනවා – චීන තානාපති කාර්යාලය

Shiran Viraj

පොහොර නෑ.. එළවළු තොග මිල සීග‍්‍රයෙන් ඉහලට.. වගාකරන කදුකරයේ අද මිල ගණන් මෙන්න..

Shiran Viraj