28.9 C
Colombo
September 19, 2026
Local NewsNews

ෂෙඩ් හිමියන් තද තීන්දුවක..

රට පුරා පිහිටි ඉන්ධන පිරවුම්හල් රාත්‍රී අටට වසා දැමීමට ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමය තීරණය කර තිබේ.

එහි සම ලේකම් කපිල නා ඔටුන්න මහතා කියා සිටියේ ඉන්ධන ඇනැවුම් කිරීම අත්හිටුවීමේ ක්‍රියාමාර්ගයට සමගාමීව මෙම පියවරද ගන්නා බවය.

පිරවුම්හල් හිමියන්ට මෙතෙක් ලබා දුන් සියයට තුනක කොමිස් මුදල අවලංගු කිරීමට විරෝධය දක්වමින් මෙම පියවරයන් ගෙන තිබේ.

ඔහු පෙන්වා දෙන්නේ රට පුරා ඉන්ධන පිරවුම්හල් බොහොමයක් මීට පෙර පැය විසි හතරක කාලයක් සේවාව සැපයූ බවය.

ඉන්ධන පිරවුම්හල්වලට සිකුරාදා දින ඇණැවුම් කරන ලද ඉන්ධන තොග ඊයේ සහ අද වන විට අවසන් වනු ඇති බවද ඔහු පැවසීය.

නව තොග ඇනැවුම් කර නැති බවද පැවසූ ඔහු සඳුදා දිනය වන විට රට පුරා ඉන්ධන හිඟයක් මතුවුණු ඇති බවද කියා සිටී.

Related posts

මෘත දේහ ආදහනය කරන තීන්දුවේ කිසි වෙනසක් නැහැ – පවිත්‍රාගෙන් පිළිතුරක්

Shiran Viraj

මහින්ද අගමැති වූ නිසා කෝටි 1400ක සංවර්ධන ව්‍යාපෘති මග නැවතුණා..

Shiran Viraj

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Shiran Viraj