28.9 C
Colombo
June 2, 2026
Local NewsNews

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

විස්තීරණ ණය පහසුකම් වැඩසටහන යටතේ පස්වැනි වාරිකය ලබාදීමට පෙර රුපියල් බිලියන 900 ක ආදායම් ඉලක්කයක් සම්පූර්ණ කිරීමට මෙරට රජය කටයුතු කළයුතු බවත්, රජය ආයෝජන වැඩිකර ගැනීමට කටයුතු කළයුතු බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරට රජයට දැනුම්දී ඇතැයි අනාවරණය වේ.

ආර්ථිකය කෙරෙහි අවදානම තවමත් පවතින බැවින් ආර්ථිකය යථා තත්ත්වයට පත්වීම දීර්ඝ කාලයක් පුරා පවත්වා ගැනීමට සහ ණය තිරසරභාවයක් කරා යන මාවතකට ගෙන ඒම සඳහා ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රය තිරසරව පවත්වා ගැනීම ඉතා වැදගත් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමනාකරන අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා සඳහන් කර තිබේ. ප්‍රතිපත්තිමය වැරදීම් ඇතිවීම සඳහා ඉඩක් නැති බවද ඔහු සඳහන් කර ඇත.

ආර්ථික ප්‍රතිසංස්කරණ සඳහා සහායවීම සඳහා බදු අනුකූලතාවය ඉහළ නැංවීම සහ බදු නිදහස් කිරීම්වලින් වැළකී සිටීම ප්‍රධාන බවත්, රජය සතු ව්‍යවසායන්ගේ රාජ්‍ය මූල්‍ය අවදානම් පාලනය කිරීම සඳහා ප්‍රමාදයකින් තොරව පිරිවැය ආවරණය වන විදුලිය මිලකරණය නැවත ස්ථාපනය කිරීම අවශ්‍ය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කරන්නේය.

මෙරට පුරවැසියකු විදේශ රටකට සේවාවක් සැපයීමේදී අය කරන සියයට 15 ක බද්ද ඉවත් කිරීමට නොහැකි බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් රජයට දැනුම්දී ඇත.

මේ වසර තුළදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් වාරික දෙකක් මෙරටට නිකුත් කිරීමට නියමිත අතර, එහි වටිනාකම ඩොලර් බිලියන 1.1 කි.එම වාරික නිකුත් කිරීමට නම් රජය සිය ඉලක්ක කරා ගමන් කළයුතු බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් පෙන්වාදී තිබේ.

Related posts

ශ්‍රී ලංකාව ඉන්දියාවේ ආරක්ෂාවට හානියක් වන කිසි දෙයක් කරන්නෑ..- ජනපති

Shiran Viraj

වන අලි පහර දෙයි..කුඩා දරුවන් දෙදෙනෙකු මරුට..

Shiran Viraj

හෝමුස් සමුද්‍ර සන්ධියට එල්ල වී ඇති තර්ජනය හමුවේ ලෝක තෙල් මිල ඩොලර් 110 සීමාව ඉක්මවා යාමේ අවදානමක්

Shiran Viraj