27 C
Colombo
July 27, 2025
Local NewsNews

පෙරහැරට ආ අලියා තරුණයෙකුට පහර දෙයි.. ඇත්ගොවුවා බීමතින්…

හැටන් කොටගල නගරයේ පිහිටි හින්දු කෝවිලක පැවති පෙරහැරට රැගෙන ආ අලියෙකු තරුණයෙකුට පහර දී තුවාල සිදු කර ඇත.

හින්දු කෝවිලේ පෙරහැර අවසන් වි අලියා විවේක ගැනීම සදහා කෝවිලේ පසක ගැට ගසා තිබියදි තරුණයෙකු අලියාට කෑම දීමට උත්සහ කරන අවස්ථාවේ එක්වරම අලියා තරුණයාට පහර දී ඇත.

අලියාගේ පහර කෑමෙන් තුවාල ලැබූ තරුණයා කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කල බවත්, තුවාලකරුගේ තත්වය බරපතල නොවන බවයි පෙරහැර සංවිධායක කමිටුවේ නිළධාරියෙකු කියා සිටියේ.

ඇත්ගොව්වා අධික ලෙස බීමත්ව සිටි නිසා පහර කෑමට ලක් වු තරුණයා අලියාට කෑම දීමට ඉදිරිපත් වී ඇත.

– රංජිත් රාජපක්ෂ

Related posts

සුලි කුණාටුව උතුරට කඩා වදී..නිවාස ගණනාවකට දැඩි හානි..අධික වර්ෂාවක්..

Shiran Viraj

ඔමික්‍රෝන් ප‍්‍රභේදය කොරෝනාවෙන් ලෝකයම බේරයි.. WHO වෙතින් ලොවටම සුබ පණිවුඩයක්..

Shiran Viraj

ඇමති දුමින්දට පාර්ලිමේන්තුව තිත්ත වෙලා..රැස් වූ දින හතරේදීම ආවේ නැත්තේ ඇයි?

Shiran Viraj