25.6 C
Colombo
September 19, 2026
NewsPolitical

මහින්දලගෙයි අපෙයි ඩිජිටල් ID වෙනස්.. එදා ඩේට හොරකං කරන්න පුළුවං.. අපි ගේන එකේ බෑ.. එදා අපි විරුද්ධ වුණේ ඒකයි..- නජිත් ඉන්දික..

මහින්ද රාජපක්ෂ ආණ්ඩුව හඳුන්වා දීමට සූදානම් වූ ඩිජිටල් හැඳුනුම්පත සහ වර්තමාන ආණ්ඩුව හඳුන්වා දෙන ඩිජිටල් හැඳුනුම්පත එකක් නොව දෙකක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නජිත් ඉන්දික පවසයි.

එදා එම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කළේ එම දත්ත සඳහා ඉන්දියාවට ද පිවිසීමේ හැකියාව සහිතව බවයි, ඔහු පෙන්වා දුන්නේ. තමන් ඇතුළු පිරිස එදා ඊට එරෙහි වූයේ ඒ නිසා බව ද හෙතෙම ප්‍රකාශ කරයි.

එහෙත් වර්තමාන ව්‍යාපෘතිය කොටස් දෙකකට වෙන්කර ඇති බවත් මෘදුකාංගය නිර්මාණය කිරීම පමණක් ඉන්දියාව සිදුකරන බවත් නජිත් ඉන්දික සඳහන් කරයි.

අනතුරුව ඊට අදාළ දත්ත ගබඩා කිරීම සිදුකරන්නේ ලංකාවේ පිරිසක් වන අතර එම දත්ත රාජ්‍ය ආයතනයකට පවා නැවත ලබාගත නොහැකි බව ද ඔහු අවධාරණය කරයි.

සිරස සටන වැඩසටහනට එකතු වෙමින් නජිත් ඉන්දික මේ බව කීය.

Related posts

ඩීසල්-පෙට‍්‍රල් ඇත්තේ දින තුන හතරකටයි.. ඩිසල් නැවක් ඩොලර් නැතිව හරවාගෙන ගියා..- දයාසිරි ආන්දෝලනාත්මක හෙලිදරවුවක..

Shiran Viraj

සියුම් තැනකින් ආරම්භ වී ජීවිතයම ගිල ගන්නා මාරයා

Shiran Viraj

අතවර කර පෙති ගන්නැයි කියා මා පුටුවකට බැන්දා.. මං ලිහාගෙන රෝහල්ගත වුනා..- වෛද්‍යවරියගේ කට උත්තරය මෙන්න..

Shiran Viraj