28.6 C
Colombo
May 19, 2026
NewsPolitical

කොච්චර බදු ගැහුවත් අපට ඇමරිකාව එක්ක රණ්ඩු කරන්න බෑ..- නි. ඇමති

එක්සත් ජනපද නව තීරු බදු ක්‍රමය සම්බන්ධයෙන් රටක් ලෙස ක්‍රියා කළ යුතු ආකාරය සහ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අදාළ පාර්ශව සමග සාකච්ඡා කරමින් සිටින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

අද(06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ් මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.

මේ සම්බන්ධයෙන් ඇතැමුන් වැරදි සමාජ මත ඉදිරිපත් කරනවා.නමුත් මෙම ප්‍රකාශය සිදුකළ ගමන් මුදල් අමාත්‍යාංශය අප්‍රේල් 04 දින මාධ්‍ය නිවේදනයක් නිකුත්කළා. එය මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය වෙත ඉදිරිපත් කළා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට, ධවල මන්දිරයට සහ අමෙරිකා ට්‍රේඩ් රිප්රසන්ටේටිව් ආයතනය , ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා නිවැරදි රාජ්‍ය ත්‍රාන්තිකභාවය වන්නේ එය බවද පැවසීය.

දෙවැනිදා මෙම ප්‍රකාශය කළ ගමන් මාර්ගගත ක්‍රමය ඔස්සේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. ඒ් අනුව යෝජනා ඉදිරිපත් කරන ලෙස ඔවුන් දැන්වූවා. ඒ් අනුව එළඹෙන අඟහරුවාදා පැවැන්වෙන රැස්වීමේදී මෙම යෝජනා සම්බන්ධයෙන් ඉදිරිපත් කරනවා.

අප පුංචි රටක් විදියට වෙන බැකප් ප්ලෑන් එකක් විදියට ඇසට ඇස, තකට තක ලෙස ඇමරිකාව සමග රණ්ඩු කිරීමේ හැකියාවක් නැති බවද පැවසූ ඔහු ඒ වෙනුවට වෙනත් විකල්ප ලෙස විකල්ප වෙළෙඳපලවල් සොයාගැනීමට හැකියාව ඇති බවද කියා සිටියේය.

“44%ක තීරු බදු පනවන්න පටන් ගත්තට පස්සේ ප්‍රධාන වශයෙන් අපනයන භාණ්ඩ ප්‍රධාන කාණ්ඩවලින් 80-86% ක් අදාළ වෙනවා. ඇඟලුම් ක්ෂේත්‍රය, ප්ලාස්ටික් සහ රබර් නිෂ්පාදන, ආහාර සැකසුම් නිෂ්පාදන, ආභරණ සහ තවත් දේ අදාළ වෙනවා. එකතුව 86%ක් බවට පත්වෙනවා. බදු පැනවීමත් සමග අපේ භාණ්ඩ තරඟකාරී බවින් ඉවත්වෙනවා.

අපිට මොකක්ද කරන්න පුළුවන්? වෙළෙඳ පරතරය අඩුකරන්න අමෙරිකාව යෝජනා කළා. අපි අමෙරිකානු වෙළෙඳ නියෝජතයින් සමග රැස්වීමක් ගත්තා. වෙළෙඳ පරතරය අඩු කරන්න අපේ යෝජනා ඉදිරිපත් කරන්න කිව්වා. අවසාන යෝජනා ලබන අඟහරුවාදා අපි ඉදිරිපත් කරනවා.

පොදු අනුපාතය 10%ක් කියලා අමෙරිකාව ඉදිරිපත් කළානේ. ඒ අමෙරිකාව ආනයනය කරද්දි අනුපාතය 20% හෝ අඩුනම්. 20%ක වගේ අනුපාතයක් සාකච්ඡා කරන්න පුළුවන්. පෙර සඳහන් කළ කාණ්ඩ 5ට විශේෂ අවධානයක් දෙනවා.”

Related posts

සපුගස්කන්ද පිරිපහදුව වහයි..

Shiran Viraj

කොරෝනාවලින් ආරක්‍ෂා වෙන්න APP එකක්…

Shiran Viraj

මල් වඩමක් රුපියල් දස දහසයි..

Shiran Viraj