25.6 C
Colombo
July 24, 2025
Local NewsNews

අධ්‍යාපන ප‍්‍රතිසංස්කරණ අගමැති අනලාලු.. ජනපති අතදාන්නෑලු…

රජය යෝජනා කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය වටා මේ වන විට උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපති අනුර දිසානායක මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන මාධ්‍යවේදී උවිදු කුරුකුලසූරිය මහතා සිය සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර සිටින්නේ, ජනාධිපතිවරයා මෙම තත්ත්වයට අත නොදමන බවයි.

ඔහු සිය සටහන මඟින් අවධාරණය කර ඇත්තේ, මෙම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව මුලින්ම ධවල පත්‍රිකාවක් ලෙස හෝ ඉදිරිපත් කර සාකච්ඡා කළ යුතුව තිබූ බවයි.

මේ සම්බන්ධයෙන් සෝලිය මහතා සෘජුවම අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියට චෝදනා එල්ල කර තිබේ.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ රට තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් වීමත් සමඟ විවිධ පාර්ශවයන් විසින් දැඩි චෝදනා සහ විරෝධතා මතු කරමින් සිටින පසුබිමක, ආණ්ඩු පාර්ශවයෙන් මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ප්‍රකාශයන්හි ද පරස්පරතා දක්නට ලැබීම මෙම අර්බුදකාරී තත්ත්වය තවදුරටත් උග්‍ර කර ඇත.

මෙම තත්ත්වය තුළ, ඉදිරියේදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය කෙබඳු දිශානතියක් ගනීවිද යන්න පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය යොමුවී තිබේ.

Related posts

පාසැල් තව දුරටත් වසා දැමේ.. ඉන්ධන නෑ…

Shiran Viraj

ජල මුලාශ‍්‍ර සිදෙයි.. සැපයීම අර්බුදයේ… නල ජලයෙන් වාහන සේදීම, වගා කටයුතු නොකරන්නැයි දැනුම් දේ…

Shiran Viraj

ගෝල්ෆේස් විරෝධතාවට මා ගියොත් එලවා දමාවි..- හර්ෂ

Shiran Viraj