26 C
Colombo
March 31, 2026
Local NewsNewsPolitical

මුලින් යෝජනා වුනේ 08.00 සිට 04.00 දක්වා පාසල් පවත්වන්නයි…- අගමැතිනි…

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලසීමාවක් විනාඩි 50 දක්වා දීර්ඝ කිරීමට උපදෙස් ලබා දී ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කළය.

ඇය මේ සඳහා හේතුව ලෙස පෙන්වා දෙන්නේ, ප්‍රතිසංස්කරණ යටතේ සිසුන් සඳහා වන ක්‍රියාකාරකම් වැඩි වී ඇති බැවින් ඒ සඳහා වැඩි කාලයක් අවශ්‍ය වන බවයි.

මුලින් පාසල් පැවැත්වීමේ කාලය පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා වෙනස් කිරීමට යෝජනා වී තිබුණත්, කාලය දීර්ඝ කිරීමේදී ඇතිවිය හැකි ගැටලු සලකා බලා පාසල් වේලාව පැය භාගයකින් පමණක් දීර්ඝ කිරීමට යෝජනා කර ඇති බව අග්‍රාමාත්‍යවරිය පැවසුවාය.

මෙම පැය භාගයේ කාලසීමාව වැඩි කිරීමේදී ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු සේවාවන් සමඟ සාකච්ඡා කර ඇති බවද ඇය කියා සිටියාය.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය සිරස නාලිකාව සමඟ පැවති සාකච්ඡාවකදී මෙම අදහස් පළ කර තිබේ.

Related posts

ඉන්ධන මිල පහත දමයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

පාස්කු ප්‍රහාරයේ නඩු විභාගය සම්බන්ධයෙන් මුජිබර් රහුමාන් මහතාගෙන් බරපතළ සැකයක්

Shiran Viraj

අනුර දිසානායක අත්අඩංගුවට ගන්නැයි CIDයට කියයි..

Shiran Viraj