April 3, 2026
Local NewsNewsPolitical

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අගවිනිසුරු ධුරයට නිර්දේශ කෙරේ

ශ්‍රී ලංකාවේ මීළඟ අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන මහතා පත් කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නිර්දේශ කර තිබේ.

වත්මන් අගවිනිසුරු මුරුදු ප්‍රනාන්දු මහතා ජූලි මස 27 වැනිදා විශ්‍රාම ගැනීමට නියමිත බැවින්, එම ධුරය සඳහා මෙම නිර්දේශය ඉදිරිපත් කර ඇත. ජනාධිපතිවරයාගේ මෙම නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් සලකා බලනු ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.

කථානායක ආචාර්ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අද (23) දින රැස්වීමට නියමිතය.

Related posts

අහඹු පරීක්ෂාවකදී බම්බලපිටියේ ආසාදිතයන් 17ක් සොයාගෙන

Shiran Viraj

උතුරේ පාසල් ශිෂ්‍ය භට සේවාව සාර්ථකයි

Shiran Viraj

ව්‍යාජ රුපියල් 500 නොට්ටු රාජ්‍ය බැංකුවකින් මාරු කිරිමට පැමිණි කාන්තාවක් අත්අඩංගුවට…

Shiran Viraj