25.4 C
Colombo
July 26, 2025
Local NewsNews

වෙන්වූ පාසල් පද්ධතිය සමාජ ගැටලුවලට හේතුවක්: අමාත්‍ය බිමල් රත්නායක

ශ්‍රී ලංකාවේ වත්මන් පාසල් පද්ධතිය තුළ ගැහැණු හා පිරිමි සිසුන් වෙන් වෙන්ව අධ්‍යාපනය ලැබීම හේතුවෙන් සමාජීය ගැටලු ගණනාවක් නිර්මාණය වී ඇති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා ඊයේ (ජූලි 24) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදය අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ, අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය කාන්තා පාසලකට ගිය බැවින් ඇයට පිරිමි යහලුවන් නොසිටින බවත්, තමන් පිරිමි පාසලකට ගිය නිසා ගැහැනු යහළුවන් නොසිටි බවත්ය.

මෙම තත්ත්වය මෙරට බොහෝ දෙනෙකුට පොදු අත්දැකීමක් බව පෙන්වා දුන් ඔහු, ඉදිරියේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ ගැහැණු සහ පිරිමි පාසල් වෙන්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු බවට අවධාරණය කළේය.

Related posts

අදම ඇදරි නීතිය දමන්නැයි AMS කියයි..

Shiran Viraj

මානව හිමිකම් මාධ්‍ය ඒකකයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂතුමා හා ඉන්දියානු බැංකුවේ ආධාර ඇතුව ශ්‍රී විජයපාර, වැල්ලවත්ත පාරේ පිහිටි දුගී ජනයා වෙත වියළි ආහාර ලබා දීම – ආචාර්ය එම්. ශිරාන්

Shiran Viraj

ඊළග වාරියට පෙර බිලියන 900ක් උපයනු.. බදු අනුකූලතාවය වැඩි කරනු.. විදුලිය මිලකරණය නැවත පිහිටුවනු..- IMF

Shiran Viraj