28.9 C
Colombo
July 8, 2026
NewsPolitical

ජනපති අනුරගේ ආරක්ෂාව මහින්දටත් වඩා වැඩියි: SLPP මහලේකම්ගෙන් චෝදනා රැසක්

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තිබූ ආරක්ෂාවටත් වඩා වැඩි ආරක්ෂාවක් යොදවා ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා පවසනවා.

ජනාධිපති ආරක්ෂාව පිළිබඳව එදා විවේචනාත්මකව කතා කළ ජනතා විමුක්ති පෙරමුණේ නායකයන්ට දැන් එය මදි බව පෙනෙන්නට ඇති බවත් ඔහු පෙන්වා දෙනවා.

සාගර කාරියවසම් මහතා ජනාධිපතිවරයාගේ තවත් තීරණ කිහිපයක්ද විවේචනය කළා. ඒ අතර, දේශීය ආයෝජකයන්ට විශාල ව්‍යාපෘති සඳහා ණය නොදීමට ගත් තීරණය සහ ගුරු සේවය සැහැල්ලු කරමින් කළ ප්‍රකාශය ද වේ.

එදා විපක්ෂයේ සිටියදී චීන ගනුදෙනු දූෂිත යැයි පැවසූ පාලනය, දැන් නැවතත් අධිවේගී මාර්ග ඉදිකිරීම් චීනයට ලබාදීමට සූදානම් වීම දෛවයේ සරදමක් බව ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Related posts

දේශබන්දුට මං විරුද්ද වුනා..

Shiran Viraj

පාසල් පෙළපොත්වල වර්ණ සංයෝජනය පිළිබඳ සමාජ මාධ්‍ය විවාදය

Shiran Viraj

මරණ හා ආසාදිතයන් තවත් ඉහලට..

Shiran Viraj