July 1, 2026
Local NewsNews

ආපදා ගැන බොරු පතුරුවන්නන්ට නීතිය: හදිසි අවස්ථා ගැසට් පත්‍රයෙන් විශේෂ බලතල

හදිසි අවස්ථා (විශේෂ විධිවිධාන හා බලතල) නියෝග යටතේ, ආපදා තත්ත්වය සම්බන්ධයෙන් මහජනයා බියගැන්විය හැකි හෝ කැළඹිය හැකි අසත්‍ය තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් දැඩි නීතිමය පියවර ගැනීමට රජය තීරණය කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය පැවසුවේ 2025.11.29 දිනැති අති විශේෂ ගැසට් පත්‍රයේ 20 හා 21 වගන්ති මගින් මේ සඳහා ප්‍රතිපාදන සලසා ඇති බවයි. කට වචනයෙන්, විද්‍යුත් හෝ ඩිජිටල් මාධ්‍යයකින් අසත්‍ය තොරතුරු පැතිරවීම නීතියට අනුව වරදකි.

බලය පැවරීම: මෙම වැරදි සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට හා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට සහ ත්‍රිවිධ හමුදා සාමාජිකයන්ට බලය පවරා ඇත. ව්‍යාජ තොරතුරු හේතුවෙන් සහන මෙහෙයුම්වලට බාධා ඇතිවීම වැළැක්වීම මෙම පියවරේ අරමුණයි.

Related posts

එජාපය හෙට පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ අසුන්වලට බලෙන් පනී?රනිල් අගමැති පුටුවට?

Shiran Viraj

කබ්රාල්ට ඉවත් වන්නැයි ජනාධිපති දන්වයි..? එය IMF පලමු කොන්දේසියයි..?

Shiran Viraj

මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ- ජනපති යලිත් කියයි..

Shiran Viraj