30.6 C
Colombo
August 24, 2026
Local NewsNewsPolitical

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යනු සමස්ත ප්‍රජාවගේම සාමූහික ක්‍රියාවලියක් බව හසාරා ලියනගේ පවසයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යනු එක් රැයකින් හෝ තනි පුද්ගලයෙකුට සිදු කළ හැකි කාර්යයක් නොව, එය සමස්ත ප්‍රජාවගේම සහභාගීත්වයෙන් සිදුවන සාමූහික ක්‍රියාවලියක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හසාරා ලියනගේ මහත්මිය අවධාරණය කරයි. උත්සව සභාවක් ඇමතීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය කියා සිටියේ, අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සිදු කිරීමට අපේක්ෂිත මෙම පරිවර්තනීය ක්‍රියාවලිය තුළ විවිධ මතවාද සහ කතිකා ගොඩනැගීම ස්වභාවික ලක්ෂණයක් බවයි.

වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් සමාජය තුළ කතාබහට ලක්ව ඇති විවිධ කරුණු පිළිබඳව රජයේ අවධානය යොමුව ඇති බවත්, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශනයන් සිදු කිරීමට පියවර ගෙන ඇති බවත් මන්ත්‍රීවරිය මෙහිදී සඳහන් කළාය. සමාජ අවශ්‍යතාවයන් මනාව හඳුනාගනිමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාම රජයේ මූලික අරමුණ බව ඇය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

අධ්‍යාපනය වැනි අතිශය සංවේදී විෂය පථයක් දේශපාලන වාසි තකා භාවිත කිරීමට ඇතැම් පාර්ශව උත්සාහ කරන බවට චෝදනා කළ මන්ත්‍රීවරිය, විපක්ෂයට අධ්‍යාපනය යන සාධකය දේශපාලන අවියක් කර ගැනීමට ඉඩ නොතබන බව ද දැඩිව අවධාරණය කළාය. මෙම ක්‍රියාවලිය හුදෙක් දේශපාලන තීන්දුවක් නොව, රටේ අනාගත පරපුර උදෙසා ඉටු කළ යුතු අත්‍යවශ්‍ය සමාජමය වගකීමක් බව ද හසාරා ලියනගේ මහත්මිය මෙහිදී වැඩිදුරටත් පෙන්වා දුන්නාය.

Related posts

කොටහළු උත්සවවලට බෝතල් තහනම් කරයි

Shiran Viraj

ස්වාධීන කොමිෂන් සභාවල සභාපතිවරුන්ට එරෙහි කුමන්ත්‍රණයක්…

Shiran Viraj

බංගලාදේශයේ පැය 19ක විදුලි කප්පාදු අරඹයි…

Shiran Viraj