25.6 C
Colombo
September 19, 2026
Local NewsNews

වකුගඩු රෝගීන් සඳහා රුධිර කාන්දුකරණ සේවා රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය යටතේ පුළුල් කෙරේ

රජයේ රෝහල් 80 ක මේ වන විට රුධිර කාන්දුකරණ සේවාවන් ක්‍රියාත්මක වුවද, දිනෙන් දින ඉහළ යන සායනික ඉල්ලුම සපුරාලීමට එම පහසුකම් ප්‍රමාණවත් නොවන බව රජය හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් වකුගඩු රෝගීන් මුහුණ දෙන දැඩි අපහසුතා අවම කිරීම සඳහා රුධිර කාන්දුකරණ සේවාවන් පුළුල් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නව සැලසුමක් සකස් කර තිබේ. මහනුවර ජාතික රෝහලේ දැනට සාර්ථකව ක්‍රියාත්මක වන ක්‍රමවේදය ආදර්ශයට ගනිමින්, හඳුනාගත් රජයේ රෝහල් කිහිපයක රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව (PPP) මාදිලියක් යටතේ මෙම සේවාවන් ස්ථාපනය කිරීමට නියමිතය.

මෙම යෝජිත ක්‍රමවේදය යටතේ රුධිර කාන්දුකරණ යන්ත්‍ර, ප්‍රතිලෝම ආස්‍රැති පද්ධති (RO Systems) සහ අවශ්‍ය සියලුම පාරිභෝජ්‍ය ද්‍රව්‍ය සැපයීම මෙන්ම ඒවායේ ක්‍රියාකාරිත්වය හා නඩත්තුව පෞද්ගලික හවුල්කරු විසින් සම්පූර්ණයෙන් මූල්‍යකරණය කර කළමනාකරණය කරනු ලබයි. රජය විසින් අදාළ යටිතල පහසුකම් සපයනු ලබන අතර, රෝගීන්ට ලබා දෙන ප්‍රතිකාරවල සම්පූර්ණ සායනික අධීක්ෂණය රජය සතු වේ. මෙමගින් රජයට වැය වන මූලික ප්‍රාග්ධන පිරිවැය අවම කර ගනිමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් රෝගීන්ට ලබා දීමට අපේක්ෂිතය.

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කරන ලද මෙම යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇති අතර, ඒ අනුව තෝරාගත් රෝහල්වල මෙම වැඩපිළිවෙළ කඩිනමින් ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත. මෙලෙස රාජ්‍ය හා පෞද්ගලික අංශ ඒකාබද්ධ වීම හරහා වකුගඩු රෝගීන්ට තම ප්‍රදේශයේදීම කිසිදු ප්‍රමාදයකින් තොරව රුධිර කාන්දුකරණ පහසුකම් ලබා ගැනීමට හැකි වනු ඇතැයි රජය විශ්වාස කරයි.

Related posts

අද රෑ ඉන්ධන මිල අඩු කරන්න සැරසෙයි

Shiran Viraj

සපුගස්කන්ද වැසීමෙන් ගෑස් නිෂ්පාදනය නවතී… ගෑස් හිගයට තවත් බලපෑම්..

Shiran Viraj

JVP මට ජනාධිපති වෙන්නත්, යහපාලන ආණ්ඩුවටත් බොහෝ උදවු කලා.. එයට ස්තුතියි..- මෛත‍්‍රි

Shiran Viraj