29 C
Colombo
February 21, 2026
Local NewsNews

ශ්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම ලාදුරු රෝගීන් වාර්තා වන බව ලාදුරු මර්දන ව්‍යාපාරය පවසයි

ශ්‍රී ලංකාවේ එකම ලාදුරු රෝගියකුවත් වාර්තා නොවූ එකදු දිස්ත්‍රික්කයක්වත් නොමැති බව ලාදුරු මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ දිලිනි විජේසේකර මහත්මිය පවසයි. ඇය පෙන්වා දෙන්නේ කොළඹ, කළුතර, ගම්පහ, මඩකලපුව, කුරුණෑගල, මාතර, හම්බන්තොට, ගාල්ල, අනුරාධපුරය, පොලොන්නරුව, පුත්තලම සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලින් වැඩිම ලාදුරු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවයි. මෙම තත්ත්වය සෞඛ්‍ය අංශවල දැඩි අවධානයට ලක්ව ඇති කරුණක් බවට පත්ව තිබේ.

මෙරටින් හඳුනාගන්නා ලාදුරු රෝගීන්ගෙන් 60%ක් පමණ පිරිමින් බවත්, ඉන් වැඩි පිරිසක් වයස අවුරුදු 25-50 අතර පසුවන ශ්‍රම බළකායේ ක්‍රියාකාරී සාමාජිකයන් බවත් වෛද්‍යවරිය සඳහන් කළාය. රටේ ආර්ථිකයට සක්‍රිය දායකත්වයක් දැක්විය හැකි වයස් කාණ්ඩයක පසුවන පුද්ගලයන් මෙලෙස රෝගයට ගොදුරු වීම රටේ සමස්ත ආර්ථිකයට ද අහිතකර ලෙස බලපෑ හැකි බව ඇය වැඩිදුරටත් අවධාරණය කළාය.

මුල් අවධියේදීම රෝගය හඳුනාගෙන ප්‍රතිකාර ලබාගැනීම මගින් ලාදුරු රෝගය හේතුවෙන් ඇතිවන ආබාධිත තත්ත්වයන් වළක්වා ගත හැකි බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. රෝග ලක්ෂණ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම සහ රෝගීන්ට සමාජීය වශයෙන් එල්ල වන බලපෑම් අවම කිරීම සඳහා ලාදුරු මර්දන ව්‍යාපාරය විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටියි.

Related posts

රථවාහන රියදුරු දඩ මුදල් ඉහලට.

Shiran Viraj

අඩු පාඩු තිබුනත් පාස්කු කොමිසමේ අවසන් වාර්තාව පිලිගන්නවා – රතන හිමියන්

Shiran Viraj

පොලිසිය සමග ගැටුමකින් කොස්ගොඩ තාරක වෙඩි වැදී මිය යයි..

Shiran Viraj