24.5 C
Colombo
February 21, 2026
Local NewsNews

නාරාහේන්පිට නිල මැදුරේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා සහ ආරක්ෂක නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක්

ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට අයත් නාරාහේන්පිට පිහිටි “නිල මැදුර” පරිශ්‍රයේදී යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා සහ එහි ආරක්ෂක නිලධාරීන් අතර 2026 පෙබරවාරි 02 වන දින නොසන්සුන්කාරී සිදුවීමක් වාර්තා විය. තම අනන්‍යතාව හෙළි නොකර මෝටර් රථයකින් පැමිණි මන්ත්‍රීවරයා, රථගාලේ ඉඩකඩ සීමිත වීම හේතුවෙන් වාහනය පිටතට යවන ලෙස ආරක්ෂක නිලධාරියා කළ දැනුම් දීමත් සමඟ මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරී ඇත. එහිදී මන්ත්‍රීවරයා සහ ඔහු සමඟ සිටි කාන්තාව ආරක්ෂක නිලධාරියාට බැණ වදිමින් තර්ජනය කර ඇති බව සඳහන් වේ.

සිද්ධිය අතරතුර මන්ත්‍රීවරයා ආරක්ෂක නිලධාරියාගේ ගෙලෙන් අල්ලා තර්ජනය කර ඇති අතර, තමාට මන්ත්‍රීවරයකු ලෙස ඕනෑම ස්ථානයකට ඇතුළු වීමට අයිතියක් ඇති බව පවසමින් නිලධාරියා සතු ජංගම දුරකථනය පොළොවේ ගසා විනාශ කර තිබේ. අනෙකුත් නිලධාරීන් මැදිහත් වී තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ ද, මන්ත්‍රීවරයා දිගින් දිගටම අශෝභන ලෙස හැසිරෙමින් තම වාහනය අනෙක් වාහනවලට බාධා වන අයුරින් නතර කර ගොඩනැගිල්ල තුළට ගොස් ඇත. මේ සම්බන්ධයෙන් අගතියට පත් නිලධාරියා විසින් 119 හදිසි ඇමතුම් අංශයට ද පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබීය.

කෙසේ වෙතත්, සිය අවශ්‍යතාව ඉටු කරගෙන යළි පැමිණි රාමනාදන් අර්චුනා මන්ත්‍රීවරයා, තමා අතින් සිදු වූ වරද පිළිගනිමින් අදාළ ආරක්ෂක නිලධාරියාගෙන් සමාව අයැද තිබේ. එහිදී හානි වූ ජංගම දුරකථනය අලුත්වැඩියා කරගැනීම සඳහා රුපියල් 1000ක මුදලක් ද ලබා දී ඔහු එම ස්ථානයෙන් පිටව ගොස් ඇත. මන්ත්‍රීවරයාගේ මෙම හැසිරීම සමාජ මාධ්‍ය තුළ ද දැඩි කතාබහට ලක්ව ඇති අතර, මහජන නියෝජිතයන්ගේ විනය පිළිබඳව නැවතත් ප්‍රශ්න මතු වී තිබේ.

Related posts

රාජගිරිය ගුවන් පාලම 8 වන දා ජනතා අයිතියට

Shiran Viraj

ලංකාවේ උද්ධමනය 128%යි.. වෙනිසියුලාව, ලෙබනන පසු කරයි.. දෙවැනි සිම්බාවේට පමණයි..- හැන්කේ වාර්තාව මෙන්න…

Shiran Viraj

අද මාගේ දවසයි..එජාප පාක්‍ෂිකයිනි, රට පුරා සැමරුම් සූදානමින් සිටින්න

Shiran Viraj