27.2 C
Colombo
July 4, 2026
Local NewsNews

ප්‍රකට චිත්‍රපට විචාරකයෙකුට පහරදීමේ චෝදනාව මත හේමාල් රණසිංහ අත්අඩංගුවට

ජනප්‍රිය රංගන ශිල්පී හේමාල් රණසිංහ මහතා වැල්ලවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. ප්‍රසිද්ධ චිත්‍රපට විචාරකයෙකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලකට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා පොලිසිය විසින් මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔහුට දැනුම් දී තිබුණද, ඔහු එම අවස්ථාවලදී පොලිසිය හමුවේ පෙනී සිට නැත. කෙසේ වෙතත්, අවසන් වරට කරන ලද දැනුම් දීමකට අනුව අද (08) දින හේමාල් රණසිංහ මහතා වැල්ලවත්ත පොලිසියට පැමිණි අතර, එහිදී ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් රංගන ශිල්පියා අද දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. මෑත කාලීනව දේශපාලනඥයන් සහ විවිධ ප්‍රභූන් විමර්ශන ඒකක හමුවට කැඳවීමේ ප්‍රවණතාවක් පවතින පසුබිමක, කලා ක්ෂේත්‍රයේ ප්‍රමුඛ පෙළේ තරුවක් මෙලෙස නීතිය හමුවට කැඳවීම කාගේත් අවධානයට ලක්ව තිබේ.

Related posts

පොලිසිය කදුළු ගෑස්,අධි පීඩන ජල ප‍්‍රහාරයක.. පිටකොටුව හිරවෙයි.

Shiran Viraj

මෝදි අනුරගේ කරට අත දැමීම බිය උපදනවා.. ‘Thats my boy’ කියනවා වගේ..- දිල්කා සිඩ්නි සිට

Shiran Viraj

විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..

Shiran Viraj