September 14, 2026
Local NewsNews

සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට

පසුගිය ජනවාරි මස 30 වැනිදා රාත්‍රියේ හදිසියේ රෝගාතුර වූ සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල මහතා, මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවන බව වාර්තා වේ. රෝගාතුර වූ අවස්ථාවේදී ඔහුව මුලින්ම ප්‍රතිකාර සඳහා යොමු කෙරුණේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලීය රෝහල (KDU) වෙත වුවද, පසුව විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක නිර්දේශය මත වැඩිදුර සත්කාර සඳහා ජාතික රෝහල වෙත මාරු කර යවා ඇත.

රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ වෛද්‍යවරුන්ගේ දැඩි කැපවීම මත මේ වන විට රොහාන් ඕලුගල මහතාගේ සෞඛ්‍ය තත්ත්වය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි. ඔහු ජාතික රෝහල වෙත මාරු කෙරුණේ වඩාත් දියුණු වෛද්‍ය පහසුකම් සහ විශේෂඥ අවධානය යටතේ ප්‍රතිකාර ලබාදීමේ අරමුණින් බව ද සඳහන් වේ.

Related posts

ෂෙඩ් හිමියන් තද තීන්දුවක..

Shiran Viraj

වැලිවේරියේ පාතාලයෝ වෙඩි තබති.. වෙඩි වැදී අයෙක් රෝහලට..

Shiran Viraj

කලාව පෙම්වතිය කරගත් පුංචි තිරයේ හැඩකාරයා

Shiran Viraj