25 C
Colombo
February 20, 2026
NewsPolitical

විපක්ෂයේ උත්සාහය ආණ්ඩුවත් වැරදිකරුවන් බව පෙන්වීමට යැයි අමාත්‍ය බිමල් රත්නායක පවසයි

විපක්ෂයේ එකම අරමුණ වී ඇත්තේ අසත්‍ය ප්‍රකාශ සිදු කරමින් වත්මන් ආණ්ඩුව ද තමන් මෙන්ම වැරදි කරන පිරිසක් බවට සමාජ මතයක් නිර්මාණය කිරීම බව ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා චෝදනා කරයි. මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

විපක්ෂයේ පිරිස් තමන් සිදු කළ වැරදි නිවැරදි කරගෙන යහපත් දේශපාලන සංස්කෘතියකට අවතීර්ණ වනවා වෙනුවට, බොරු ප්‍රචාර සහ ඝෝෂා මගින් ආණ්ඩුවේ පිරිස් ද තමන් හා සමාන බව පෙන්වීමට වසර පුරාම වෙහෙසෙන බව ඔහු පෙන්වා දුන්නේය. දශක ගණනාවක් පුරා පැවති වික්‍රමසිංහ, ප්‍රේමදාස සහ රාජපක්ෂ පාලන සමයන් තුළ දේශපාලනඥයන් යනු හොරකම් කරන, බොරු කියන සහ ඥාති සංග්‍රහයේ යෙදෙන පිරිසක් ලෙස ජනතාව තුළ ඇති වී තිබෙන ප්‍රතිරූපය, ජාතික ජන බලවේගය කෙරෙහි ද ආරෝපණය කිරීමට විපක්ෂය උත්සාහ කරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.

ජාතික ජන බලවේගය යනු ස්වයංව පිරිසිදු වන පක්ෂයක් බවත්, එවැනි දූෂිත පිරිස් තම ආණ්ඩුව තුළ නොමැති බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. පවතින දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ හමුවේ විපක්ෂය මෙලෙස කලබලයට පත්ව සිටින බවද ඔහු ප්‍රකාශ කළේය.

Related posts

තැපැල් ඡන්දෙ දාන්න පොලිසියට අමතර දිනයක්…

Shiran Viraj

අගමැති වෙන්න කොන්දේසි දැමූ සජිත්ට විපක්‍ෂ නායක පුටුවත් නැති වෙයි…

Shiran Viraj

විදුලි පහන්, විදුලි උපකරණ නිවා දමන්නැයි යෝජනා කරයි…

Shiran Viraj