28.8 C
Colombo
May 19, 2026
Local NewsNews

කොළඹ ප්‍රධාන පාසලක ගුරුවරියන් දෙදෙනෙකුගේ සේවය අත්හිටුවයි: රහස් පොලිසියෙන් විශේෂ විමර්ශනයක්

කොළඹ ප්‍රමුඛ පෙළේ පාසලක ප්‍රධාන ශිෂ්‍ය නායකයා සමඟ සමීප සබඳතාවක් පැවැත්වූ බවට චෝදනා ලැබූ ගුරුවරියන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පාසලෙන් ඉවත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය තහවුරු කරයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා සඳහන් කළේ අදාළ ගුරුවරියන් පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති නමුත්, ඔවුන් මෙතෙක් සේවයට වාර්තා කර නොමැති බවයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිවරයා ලබා දුන් වාර්තාව මත පදනම්ව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර, විද්‍යාලය තුළ ද අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. පවතින තත්ත්වය හමුවේ අදාළ ශිෂ්‍යයා පාසලෙන් ඉවත් කර ඇති අතර, විද්‍යාලයේ ශිෂ්‍ය නායක මණ්ඩලය ද විසුරුවා හැරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

අදාළ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමෙන් තම පුත්‍රයා දැඩි අපහසුතාවට පත්ව ඇති බව පවසමින් ශිෂ්‍යයාගේ පියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මෙම රූප රාමු ප්‍රචාරය කළ පුද්ගලයින් සොයා රහස් පොලිසිය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග තහවුරු කරයි.

Related posts

ප්‍රදේශ කිහිපයකට අද ගිඟුරුම් සහිත වැසි

Shiran Viraj

මිනිසුන්ට නුසුදුසු සහල් තොගයක් වෙලදපලට.. ආනයනකරු සුදුලූණු වංචා සමාගම…

Shiran Viraj

නාමල් කුමාරගේ හඬපටවල ඇත්ත හෙළිවෙයි

Shiran Viraj