27.2 C
Colombo
May 23, 2026
Local NewsNewsPolitical

ගමේ බලය ප්‍රභූ පන්තියෙන් ඉවත් කර ජනතාවට ලබාදීමට ප්‍රජා ශක්ති වැඩසටහන දියත් කරන බව අමාත්‍ය ලාල්කාන්ත පවසයි

ජාතික ජන බලවේගයේ රජය විසින් ක්‍රියාත්මක කරන ‘ප්‍රජා ශක්ති’ වැඩසටහනේ ප්‍රධාන අරමුණ වන්නේ ගම්වල ප්‍රභූ පන්තිය සතු ආධිපත්‍යය බිඳ දමා එම බලය සාමාන්‍ය නිර්ප්‍රභූ ජනතාව වෙත ලබා දීම බව කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා ප්‍රකාශ කරයි. මහනුවරදී පැවැති ජන හමුවක් අමතමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම සඳහා සෑම පුරවැසියෙකුම ආර්ථික ක්‍රියාවලියට සක්‍රීයව දායක කරගත යුතු බවයි.

ගමේ ආර්ථිකය කෙසේ විය යුතුද යන්න තීරණය කිරීමේ බලය ගමටම ලැබීම හරහා ජනතාව පාලන තත්ත්වයකට උසස් වන බව ඔහු සඳහන් කළේය. මැතිවරණ සමයේ තමන් විසින් ප්‍රකාශ කළ ‘ගමට අධිකරණ බලය ලබා දීම’ පිළිබඳ යෝජනාව මෙහිදී ක්‍රියාත්මක නොවන නමුත්, අධිකරණ බලය හැර සෙසු සියලු ක්ෂේත්‍රවල බලය මෙම වැඩසටහන හරහා ගම් මට්ටමට ලැබෙන බව ඔහු අවධාරණය කළේය. වර්තමානයේ පාලක පන්තිය බවට පත්ව සිටින ප්‍රභූ තන්ත්‍රය වෙනුවට සැබෑ ජනතා පාලනයක් ගම තුළින්ම ගොඩනැගීමට මෙයින් අවස්ථාව සැලසෙන බව අමාත්‍යවරයාගේ අදහසයි.

මුළු ගමක පාලනය මෙහෙයවීම පිළිබඳ ප්‍රායෝගික පුහුණුවක් මෙම වැඩසටහන තුළින් ප්‍රජාවට ලැබෙන අතර, එමගින් ගමේ සම්පත්වල සාධාරණ පංගුව සියලු දෙනාටම හිමිවන ක්‍රමවේදයක් සැකසෙනු ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

ආශු මාරංසිහ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වේ…

Shiran Viraj

අලු සමග නැගිටින රැස්වීම මං කරන්නේ නෑ.. මහින්ද තවත් දේශපාලනය කරන්නේදැයි තීන්දුවක් ගත යුතුයි..- ප‍්‍රසන්න

Shiran Viraj

ධාවනය වූ බසයේ කොන්දොස්තරගේ රුපියල් 59,000 ක මුදල් කොල්ල කා පලා යයි….

Shiran Viraj