28.9 C
Colombo
May 20, 2026
Local NewsNews

මැදින් පෝදා ලක්ෂයකට අධික බැතිමතුන් පිරිසක් ශ්‍රී පාදස්ථානය කරුණා කරයි: කිලෝමීටර් ගණනාවක රථවාහන තදබදයක්

මැදින් පුර පසළොස්වක පොහෝ දින (02) සමන්තාකූට ශ්‍රී පාදස්ථානය කරුණා කිරීම සඳහා දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ලක්ෂයකට අධික වන්දනාකරුවන් පිරිසක් පැමිණි බව නල්ලතන්නි පොලිසිය පවසයි. මැදින් පෝය නිමිත්තෙන් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් උඩමළුව කේන්ද්‍ර කරගනිමින් දවස පුරා විශේෂ ආගමික වතාවත් සහ පින්කම් රැසක් සංවිධානය කර තිබුණි.

මෙවර වන්දනා සමය ආරම්භ වූ දා සිට හැටන් මාර්ගය ඔස්සේ පැමිණි වැඩිම බැතිමතුන් සංඛ්‍යාව වාර්තා වූයේ පසුගිය 01 වනදා සහ 02 වනදාය. අධික වන්දනාකරුවන් පිරිසක් රත්නපුර සහ හැටන් යන මාර්ග දෙකෙන්ම උඩමළුව වෙත ළඟා වීම නිසා සීත ගඟුලේ සිට මළුව දක්වාම දැඩි ජන තදබදයක් පැවති අතර, බැතිමතුන්ට පැය ගණනාවක් පෝලිම්වල රැඳී සිටීමට සිදු විය. මේ හේතුවෙන් ඇතැම් වන්දනාකරුවන්ට ශ්‍රී පාද පද්මය වැඳපුදා ගැනීමට පවා නොහැකිව ආපසු හැරී යාමට සිදු වූ බව ද වාර්තා වේ.

බැතිමතුන් පැමිණි වාහන නල්ලතන්නියේ සියලුම රථ ගාල් පිරී යාම හේතුවෙන් නල්ලතන්නි – මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ රිකාටන් දක්වා කිලෝමීටර් 6 ක් පමණ දුරකට මාර්ගය දෙපස ගාල් කර තිබුණි. පොලිසිය සහ ආරක්ෂක අංශ මැදිහත් වී පවතින තදබදය පාලනය කිරීමටත් වන්දනාකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇත.

Related posts

බඩු මිල ඉහල යාමෙන් ආණ්ඩුව ගැන ජනතා බලාපොරෝත්තු ගිලිහිලා…

Shiran Viraj

මී කඩන්න ගිහින් වලස් රංචුවකට කොටු වුණ හැටි(ඡායාරූප සහිතයි)

Shiran Viraj

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (Ceypetco) තීරණය කර තිබේ. 

Shiran Viraj