26.1 C
Colombo
September 17, 2026
NewsPolitical

ඇමතිවරයෙකුට හා නිලධාරීන්ට ජනපතිගෙන් සී ෂෙල්ස් සිට උපදෙසක්

දිවයිනට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සලසන්නැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා. දෙදින රාජ්‍ය සංචාරයක් සඳහා සීෂෙල්ස් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපතිවරයා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක අමතා මෙම උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.
විපතට පත් ජනතාවට සහන සැලසීමේ දී  කිසිදු අවස්ථාවක මූල්‍ය ප‍්‍රතිපාදන ගැටලූවක් කර නොගන්නා ලෙසයි ජනධිපතිවරයා මෙහිදී සදහන් කර ඇත්තේ. වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජලය සහ සෞඛ්‍ය පහසුකම් ඇතුළුව විපතට පත් ජනතාවට අවශ්‍ය සුබසාධන වැඩපිළිවෙළ අඛණ්ඩව කි‍්‍රයාත්මක කරන ලෙසද ජනාධිපතිවරයා නියෝග කර තිබෙනවා. විපතට පත් ජනතාව මුදා ගැනීමේ කටයුතු සඳහා ත‍්‍රිවිධ හමුදාවේ සහය ලබාගැනීමට ද ජනාධිපතිතුමා ආරක්ෂක මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න වෙත උපදෙස් ලබාදි ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.

(under the courtesy of nethnews.lk news web)

Related posts

රවි මුදල් ඇමති ධුරයට යලිත් සථිරයි..රනිල් සමගම දිවුරයි..දැනට යෝජිත ඇමති ධුර මෙන්න..

Shiran Viraj

අනුර ITN විවාදයේ පිටපත සභාපති හා ලාල්කාන්තගේ.. සාක්ෂි මාධ්‍යයට..

Shiran Viraj

පාසල් මහා ක්‍රිකට් තරඟ වාරය වෙනුවෙන් පොලිසියෙන් විශේෂ විනය සහ ආරක්ෂක මාර්ගෝපදේශ මාලාවක්

Shiran Viraj