April 3, 2026
Local NewsNews

හොරට මත් වතුර හදන තැනක් වටලයි- 20 හැවිරිදි තරුණියක් සමඟ කතුන් 3ක් කොටු

නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලා සැකකාරියන් තිදෙනෙකු කෑගල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ(11) සවස 1.50 ට පමණ කෑගල්ල, කරඬුපනේ ප්‍රදේශයේ දී නීති විරෝධි මත්පැන් නිෂ්පාදනාගාරයක් පවත්වා ගෙන යන බවට කෑගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබේ.
ඒ අනුව සැකකාරියන් තිදෙනා සතුව තිබූ මත්පැන් පෙරීමට ගන්නා ගෝඩා ලීටර 3150 ක්, නීති විරෝධි මත්පැන් ලීටර් 137 ක්, ගෑස් සිලින්ඩර් 07ක්, ගෑස් ලිප් 2ක්, තඹ දඟර 2 ක්, සීනි කිලෝ 225 ක්, හකුරු කිලෝ 05 ක්, ඊස්ට් ග්‍රෑම් 500 පැකට් 20 ක්, බැරල් 20 ක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට පත් සැකකාරියන් වයස අවුරුදු 20,24 ක් 49 වයසේ පසුවන කෑගල්ල, කඩවත හා ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙන බව පොලීසිය පවසයි.
සැකකාරියන් අද(12) දින කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, කෑගල්ල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(under the courtesy of adaderana.lk news web)

Related posts

හුදෙකලා ප‍්‍රදේශවල ජනතාවට ජල බිල් ගෙවීමට සහනයක්

Shiran Viraj

විදුලිය කපන්න ගිය නිලධාරීන්ට මන්ත‍්‍රී පොල්ලෙන් ගසා පන්නයි…

Shiran Viraj

ශ‍්‍රී ලන්කන් පුද්ගලීකරණය කරයි.. සේවකයන් වන්දි ගෙවා විශ‍්‍රාම ගන්වයි…

Shiran Viraj