July 1, 2026
NewsPolitical

ආයෙත් රැවටෙන්නේ ඔබමයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂයේ එක්කරමින් භාරකාර ආණ්ඩුවක් පිහිටුවීමේ යෝජනාවක් ඉදිරිපත්ව ඇති ඇති බවත් ඊට තමන් දැඩි විරෝධය දක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
එම යෝජනාවේ අරමුණ මහින්ද රාජපක්ෂ මහතා අගමැති කර ඊළඟ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා නම් කිරීම බවද ඔහු සදහන් කරයි.
කිසිසේත්ම නැවත වතාවක් රැුවටීමට තමන් සූදානම් නැති බව සඳහන් කරන ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආදරය කරන නමුත් අද සිටින පක්ෂ නායකයාට කැමති නැති බවද කියා සිටී.
මහින්ද රාජපක්ෂ මහතා භාරකාර ආණ්ඩුවකට යාමට තීරණය කලහොත් තමන් විරෝධය පළ කරන බවත් එවන් ආණ්ඩුවක් පිහිටවුවද තමා ඇමතිධූරයක් බාර නොගන්නා බවත් සඳහන් කරයි.
ඩිලාන් පෙරේරා ඇතුළු කණ්ඩායම උත්සාහ කරනුයේ නැවත වතාවක් ඒකාබද්ධ විපක්ෂයේ රවටා කඩේ යැවීමට බවත් මන්ත‍්‍රීවරයා වැඩි දුරටත් කියා සිටී.

(under the courtesy of lankacnews.com news web)

Related posts

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සුරසේන අගවිනිසුරු ධුරයට නිර්දේශ කෙරේ

Shiran Viraj

‘ජනාධිපතිට බනින අය ඇල්ලුවොත් පාසල් බන්ධනාගාර කරන්න වෙනවා’ – නීති විරෝධී නියෝග ගැන උදය ගම්මන්පිලගෙන් සුනිල් වටගලට තියුණු පිළිතුරක්

Shiran Viraj

මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයට පුද්ගලයන් මෙහෙයවූ නායකයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව සාගර කාරියවසම් පවසයි

Shiran Viraj