28.4 C
Colombo
September 19, 2026
Local NewsNews

පාසල් නිල ඇඳුම් වවුචර් වෙනුවට යළිත් රෙදි දෙන ලකුණු

පාසල් ළමයින් සඳහා නිල ඇදුම් සපයා ගැනීමට ලබාදෙන වවුචර් පත් වෙනුවට නැවත රෙදි ලබාදීමට අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ අවධානය යොමුව තිබෙනවා.

එහි ලේකම් පත්මසිරි ජයමාන්න පැවසුවේ පාර්ශ්ව ගණනාවකින් ලැබුණු ඉල්ලීම් අනුව ඒ පිළිබඳ සලකා බලන බවයි.

මේ සදහා අදාළ නිලධාරීන්ට දැනටමත් උපදෙස් ලබාදී ඇතැයිද නෙත් නිවුස් කළ විමසීමකදී ලේකම්වරයා කියාසිටියා.

පාසල් ළමයින් සදහා නිල ඇදුම් සදහා රෙදි ලබාදීම වසර ගණනාවක් තිස්සේ සිදුවූවා. රෙදි වෙනුවට පාසල් ළමයින්ට නිල ඇදුම් සපයා ගැනීමට වව්චර්පත් ලබාදීම ආරම්භ වුයේ යහපාලන ආණ්ඩුව යටතේයි.
(under the courtesy of nethnews.lk news web)

Related posts

උතුරු දකුණු කොරියා නායක හමුව ගැන ට්‍රම්ප්ගේ අදහස

Shiran Viraj

ලංකාවේ වෘත්තීය නිළියක් වෙන්න හදන කෝටිපතියෝහි අංජලී

Shiran Viraj

පාසල් නිල නිවාසයේ අයිස් මත්ද්‍රව්‍ය පැකට් කළ ක්‍රීඩා ගුරුවරයෙකු අත්අඩංගුවට

Shiran Viraj