28.4 C
Colombo
June 9, 2025
Local News News

ශ්‍රී ලංකාවේ මරණ දඬුවම ක්‍රියාත්මක කරනවාට යුරෝපා සංගමය විරුද්ධ වෙයි

කුමන තත්ත්වයක් යටතේ වුවත් මරණ දඩුවම කි‍්‍රයාත්මක කිරීම සම්බන්ධයෙන් තමන් විරුද්ධ වන බව යුරෝපා සංගමය නැවත අවධාරණය කරනවා. 

ඒ අනුව මරණ දඩුවම කි‍්‍රයාත්මක නොකර සිටීමට මීට පෙර ගනු ලැබූ තීන්දුව මත තවදුරටත් පිහිටා සිටින්නැයි ශී‍්‍ර ලංකාවෙන් ඉල්ලා සිටින බව ඔවුන් පවසනවා. යුරෝපා සංගමය සහ ශී‍්‍ර ලංකා නියෝජිතයන් අතර ඊයේ (14) පැවති සාකච්ඡුාවකින් පසු මෙම අදහස් ප‍්‍රකාශ කෙරුණා.

මානව හිමිකම් ප‍්‍රවර්ධනය කිරීමට සහ ප‍්‍රතිසන්ධානය වෙනුවෙන් තවදුරටත් සහයෝගයෙන් කටයුතු කිරීමට යුරෝපා සංගමය සහ ශී‍්‍ර ලංකාව මෙහිදී එකගවී ඇත. දෙපාර්ශවය අතර මීළග සාකච්ඡුාව ලබන වසරේ කොළඹදී පැවැත්වීමටද එකගතාවක් ඇතිකර ගෙන තිබෙනවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

ජනාධිපති-පොහොට්ටු හමුව ගාලගෝටියක් වෙයි…

Shiran Viraj

මුළුතැන් ගෙයක බිත්තියක් කඩාවැටිමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් රෝහලට

Shiran Viraj

ගෑස් දෙන්න ටෝකන් ක‍්‍රමයක්..

Shiran Viraj