27.8 C
Colombo
May 24, 2026
International NewsNews

හිටපු පාකිස්ථාන ජනාධිපතිට මරණ දඬුවම

පාකිස්ථානයේ හිටපු ජනාධිපති ජෙනරල් ෆර්වේස් මුෂාරෆ්ට එරට අධිකරණය විසින් මරණ දඬුවම නියම කර තිබෙනවා. ඒ ඉස්ලාමාබාද් හි පැවති විශේෂ අධිකරණයක් විසින්.

රාජද්‍රෝහී ක්‍රියාවක් සම්බන්ධයෙන් 2013 වර්ෂයේ සිට විභාග වෙමින් පවතින නඩුවක් අනුව විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් හිටපු ජනාධිපති ජනරාල් ෆර්වේස් මුෂාරෆ්ට එරෙහිව මරණ දඬුවම නියම කර ඇත.

1999 වර්ෂයේදී හමුදා කුමන්ත්‍රණයක් සිදුකරමින් පාකිස්ථාන රජයේ බලය අත්පත් කර ගත් ජෙනරල් මුෂාරෆ් 2001 වර්ෂයේ සිට 2008 දක්වා එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරනු ලැබුවා.

දැනට ජෙනරාල් මුෂාරෆ් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා 2016 වර්ෂයේ දී රජයේ අවසරය මත ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

2007 වර්ෂයේදී ජනාධිපතිධුර කාල සීමාව දීර්ඝ කිරීමේ අරමුණින් යුතුව ජනරාල් ෆර්වේස් මුෂාරෆ් හදිසි නිතිය ප්‍රකාශයට පත් කරමින් එරට ව්‍යවස්ථාව අත්හිටුවීමට පියවර ගනු ලැබුවා.

(under the courtesy of nethnews.lk news web)

Related posts

2/3 දුන්නා.. 19 දුන්නා.. 20 දුන්නා.. මිනිස්සුන්ගෙන් අපිත් බැණුම් අහනවා.. ආයෙනම් 2/3 හිතන්නවත් එපා..- ගැටඹේ හිමියන් ජී.එල්.ගේ මූණටම කියති..

Shiran Viraj

සජිත් කිසිම නාලිකාවක සජීව සංවාදයකට නෑ…

Shiran Viraj

ජනාධිපතිට ආරක්‍ෂිතව ඇමරිකාවට යන්න අවස්ථාව සලසා දෙන්න සූදානම්..- වාසු

Shiran Viraj