28.4 C
Colombo
June 9, 2025
Local News News

කොළඹ වරායෙන් කොවිඩ් ආසාදිතයින් හමුවේ

තවත් වරාය සේවකයන් 11 කටද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ.

වරාය බලධාරීන් පැවසුවේ මීට දිනකට පෙර වරාය සේවකයින් සඳහා සිදුකළ PCR පරීක්ෂණ අනුව එම රෝගීන් හමුවී ඇති බවය.

මේ අතර, කොලොන්නාව නගර සභාවේ සේවකයන් තිදෙනෙකුට ද කොවිඩ් වෛරසය ආසාදනය වී තිබේ.

ඒ සමග කොලොන්නාව නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 86කි.

ජාඇල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් ප්‍රදේශ කිහිපයකින් ඊයේ කොවිඩ් නයින්ටීන් වෛරස ආසාදිතයන් 33 ක් හමුවී ඇතැයි වාර්තා වේ.

ඉන් 06 දෙනෙක් රාජගිරිය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට අනියුක්ත නිලධාරීන් ය.

මොවුන් සියලුදෙනා පෑලියගොඩ ආශ්‍රිතයන් ලෙස සැළකේ.

මේ අතර, කල්පිටිය මූලික රෝහලේ උපස්ථායකයෙකුට ද කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

සෞඛ්‍ය අංශ පැවසුවේ මොහු පෑලියගොඩ ආශ්‍රිතයෙක් බවය.

ඒ හේතුවෙන් එහි හෙදියක් හා තවත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දෙදෙනෙක් ව නිරෝධායනයට යොමුකර තිබේ.

කෙසේවෙතත් රෝහලේ කටයුතු සමාන්‍ය පරිදි සිදුකෙරෙන බව ද සෞඛ්‍ය අංශ සඳහන් කළහ.

adaderananews

Related posts

සිපෙට්කෝ දැවැන්ත මිල වැඩි කිරීමක.. දැන් IOC හා සමානයි.. නව මිල ගණන් මෙන්න..

Shiran Viraj

සමන් පෙරේරා ඝාතනයට රතන හිමිට චෝදනා.. පක්‍ෂයේ ප‍්‍රධාන හිමි මාධ්‍ය හමුවක..

Shiran Viraj

මෛත්‍රි සහ රනිල් ගේ පක්ෂ දෙක අතර ආතතියක්

Shiran Viraj