30 C
Colombo
September 16, 2026
Local NewsNews

කළුතර තත්ත්වය අන්තිමයි – පීසීආර් ප්‍රතිඵල එන්නෙ සතියකින්

කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් ව්‍යාප්ති පාලනය තත්ත්වය ඉතාමත් අසතුටු දායක තත්ත්වයක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සංස්කාරක වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කළේ අටුළුගම ප්‍රදේශයේ
පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ප්‍රමාදවීම එයට හේතුව බවයි.

අද දිනයේ ගනු ලබන පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල සතියකට පසු ලැබීමෙන් කොවිඩ් තත්ත්වය පාලනය කිරීම ගැටළුවක් බව ද ඔහු පෙන්වා දෙයි.

එමෙන්ම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය විසින් ඉතාම අමාරුවෙන් ගනු ලබන ජෛව පටල සාම්පලවල ශ්‍රමය, මුදල හා කාලය අපතේ යන බවද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසයි.

මේ අතර කළුතර දිස්ත්‍රික්කයෙන් විශාල ආසාදිතයින් ප්‍රමාණයක් වාර්තා වුවද මෙතෙක් කළුතරට පී.සී.ආර්. රසායනාගාරයක් නොමැති බව වෛද්‍යවරයා පෙන්වාදෙයි.

කොළඹ ජාතික රෝහලට, කෑගල්ල දිස්ත්‍රික්කයට සහ කුරුණෑගල දිස්ත්‍රික්කයට ද පී.සී.ආර්. රසායනාගාරයක් නොමැති බකළුතර තත්ත්වය ඉතාමත් අසතුටුදායකයිව ද වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

දේශගුණික අවදානම මත ණය රාමු වෙනස් විය යුතුයි – ජනාධිපති දිසානායක

Shiran Viraj

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ සමන් ඒකනායක මහත්වරුන්ට එරෙහිව මහාධිකරණයේ නඩු පැවරීමට තීරණය කෙරේ

Shiran Viraj

මුදල් මත දින ගණනක් කොරෝනා.. මුදල් භාවිතය හැකි තාක් සීමා කරන්න.. භාවිත කල වහාම අත් සෝදන්නැයි දන්වයි..

Shiran Viraj