April 6, 2026
NewsPolitical

බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ධූරයට ලොහාන් රත්වත්තේ

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ද අද පත් කරනු ලැබ සිටී. රත්වත්තේ මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේය.

මෙම තනතුරේ මින් ඉහත කටයුතු කළ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ වෛද්‍යවරිය මහර බන්ධනාගාර කැරැල්ලෙන් පසු අමාත්‍ය ධූරයෙන් ඉවත් කළ අතර ඇයට වෙනත් විෂය පථයක් පිරිනැමිණි.

ලොහාන් රත්වත්තේ මහතා  මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධූරයේ ද කටයුතු කරයි. 

Related posts

මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයි

Shiran Viraj

චීන එන්නත් ලක්‍ෂ 140ක් ඇණැවුම් කරයි.. එන මාසයේම ලක්‍ෂ 30ක් මෙරටට…

Shiran Viraj

ඩොලර් නෑ.. මහ බැංකුව රන් සංචිතත් විකුණලා..? ඩොලර් මිලියන 500 ණය ගෙවීමත් ගැටළුවක්…?

Shiran Viraj