February 1, 2026
Local NewsNews

ගාල්ලේ ග්‍රාම නිලධාරී වසම් 05ක සංචරණ සීමා පනවයි

ගාල්ල නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 05ක් සඳහා අද (06) සවස 5.00 සිට සංචරණ සීමා පැනවූ බව සෞඛ්‍ය අංශ පවසයි.

මෙලෙස සංචරණ සීමා පනවා ඇත්තේ තලාපිටිය, ඇත්තිලිගොඩ දකුණ, දෙද්දුගොඩ උතුර, මකුළුව හා මිලිද්දුව යන ග්‍රාම නිලධාරී වසම් වලටය.

මෙම ග්‍රාම නිලධාරී වසම් ආශ්‍රිතව කොරෝනා ආසාදිතයන් වාර්තාවීම හේතුවෙන් වසංගතය පැතිරීයාමේ අවදානමක් ඇති බැවින් මෙම තීරණය ගෙන ඇත. සෞඛ්‍ය අංශ පවසන්නේ එම ගම්මානවල පදිංචිකරුවන් විශාල පිරිසකට පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට සිදුව ඇති බැවින් මෙලෙස සංචරණ සීමා පැනවීමට සිදුවන බවයි.

Related posts

2026 අයවැය වාර්තාව: තුන්වන වර කියවීම වැඩි ඡන්ද 157කින් සම්මතයි

Shiran Viraj

පොළී මුදලාලි නීති විරෝධී නැහැ – ජ්‍යෙ.නි. මහ බැංකු අධිපති කියයි

Shiran Viraj

‘ආපදා කළමනාකරණය දුර්වලයි’ – IMF කොන්දේසි අත්හිටුවා, කඳුකර ඉඩම් විකුණා දැමීම නවත්වන්න: ජන අරගල සන්ධානය

Shiran Viraj