February 2, 2026
Local NewsNews

වාහන තදබදයට පාසල් සිසුන්ගෙන් අලුත්ම විසදුමක්…ඉදිරියේදී “ට්‍රැෆික් ” නැත්තට නැතිවෙයි?..

පාසල් අසල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාර මාරුවීම නිසා කොළඹ ඇතුලු නාගරික ප්‍රදේශවල රථ වාහන තදබදයක් ඇති වී ඇති බව මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසනවා.

සෑම ප්‍රධාන නගරයකටම ඇතුළුවන සෑම ප්‍රධාන මාර්ගයක් දෙපසම පාසැල් පිහිටා ඇති බැවින් උමං මාර්ග හෝ කුඩා ගුවන් පාලම් ඉදිකිරීම හරහා පාසැල් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාර මාරු වීමට සැලැස්වීම තුළින් නගරබද වාහන තදබදය අවම කර ගත හැකි බව ද ඔහු ප්‍රකාශ කරයි .

නමුත් වර්තමානයේ දී සිදුවන්නේ පාසල අසල මාර්ගයේ කහ ඉරි ඇඳ මාර්ග සංඥා පූර්ව සවිකර පාසල් සිසුන්ට දෙමාපියන්ට සහ ගුරුවරුන්ට මාර්ගය හරහා ගමන් කිරීමට ඉඩ සැලැස්වීමයි .

මේ නිසා පාසල ආරම්භ වන උදෑසන කාලයේදී සහ පාසල් අවසන් වන දහවල් කාලයේදී කොළඹ ඇතුලු නගරබද ප්‍රදේශවල දැඩි වාහන තදබදයක් ඇති වී ඇති බව අමාත්‍යවරයා පෙන්වා දෙන ලදි.

මෙසේ උමං මාර්ග හා කුඩා ගුවන් පාලම් මගින් මෙම තදබදය අවම කර ගත හැකි බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ නාගරික රථවාහන තදබදයට විසඳුම් සෙවීම පිළිබඳව පසුගියදා අමාත්‍යාංශය ශ්‍රවණාගාරයේ දී පැවති රැස්වීමට සහභාගී වෙමිනි.

gagana news

Related posts

පුතුන් දෙදෙනා මේ තරම් විනාශයක් කරයි කියා මා සිතුවේ නෑ-අත්අඩංගුවේ සිට ෂැංග‍්‍රිලා බෝම්බකරුවන්ගේ පියා කෝටිපති ඊබ‍්‍රාහිම් කියයි

Shiran Viraj

කඩුළු මතින් දිවීම කාන්තා ඉසව්වේ රන් පදක්කම ශී‍්‍ර ලංකාවට

Shiran Viraj

ITN සභාපති ඉවතට…?

Shiran Viraj