26.7 C
Colombo
September 15, 2026
International NewsNews

පසුගිය සතියේ සෑම තත්පර 33කටම වරක් COVID-19 නිසා ඇමෙරිකානුවෙකු මිය ගිහින්

ඇමෙරිකා එක්සත් ජනපදය තුළ පසුගිය සතියේදී සෑම තත්පර 33 කටම වරක් COVID-19 හේතුවෙන්  පුද්ගලයෙකු මරණයට පත්ව ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව දෙසැම්බර් 13දා සිට දෙසැම්බරි 20දා දක්වා වූ සතිය තුළදී පමණක් එරට තුළ පුද්ගලයන් 18,000ක් COVID-19 හේතුවෙන් මරණයට පත්ව ඇති බවත්, එය පෙරසතියට සාපේක්ෂව 6.7%ක ඉහළ යාමක් බවත් විදෙස් මාධ්‍ය පවසයි.

මේ තත්වයත් සමග නත්තල් නිවාඩු සමයේදී සංචාරයේ නොයෙදෙන ලෙස සෞඛ්‍ය බලධාරින් ජනතාවගෙන් ඉල්ලා තිබේ. කෙසේ වෙතත් පසුගිය සිකුරාදා දිනයේ සිට ඉරිදා දක්වා සති අන්තයේදී පමණක් රට පුරා ගුවන් තොටුපොළ ආශිතව පුද්ගලයන් ලක්ෂ 32කට ආසන්න පිරිසක් COVID-19 පරික්ෂාවට ලක්කළ බවත් පැවසෙයි.

මේ අතර ඇමෙරිකා එක්සත් ජනපදය තුළ වසරේ මේ දක්වා කාලය තුළදී මරණ ලක්ෂ 30කට අධිකව වාර්තා වී ඇති බවත්, එය එතෙක් මෙතෙක් වැඩිම මරණ වාර්තා වීමක් ලෙසත් සැලකෙයි. එහිදී COVID-19 නිසා සිදුව ඇති මරණද විශාල දායකත්වයක් ලබාදී තිබෙන බවත් පැවසෙයි. එරට සමස්ත මරණ සංඛ්‍යාවේ දත්ත ඉදිරිපත්වීම තවත් මාස කිහිපයකට කල් ගත වනු ඇති අතර, දැනට පවතින දත්ත අනුව එය ලක්ෂ 32ක් ලෙස සටහන්ව ඇත. එය 2019 වසරේදී වාර්තා වූ මරණ සංඛ්‍යාවට වඩා මරණ ලක්ෂ 4ක ඉහළ යාමකි.

gossiplankanews

Related posts

කළු කඩේ ගෑස් 4500යි

Shiran Viraj

හිටපු ජනාධිපතිට පොලීසියට බාරවන ලෙස නියෝගයක්

Shiran Viraj

අරගලකරුවන්ගේ ඇගිලි සලකුණු අපරාධකරුවන්ගේ සලකුණු හා සසදයි…

Shiran Viraj