26.1 C
Colombo
September 18, 2026
Local NewsNews

අවුරුදු එකහමාරක දරැවෙකුට කොරෝනා

බලන්ගොඩ දෙහිගස්තලාව ප්‍රදේශයේ පදිංචි අවුරුදු එකයි මාස හතරක පිරිමි දරැවෙකුට කෝවිඩි 19 වසංගත ආසාදනය විි ඇති බවට බදුල්ල මහ රෝහලේ දි සිදුකල ක්ණික ප්‍රතිදේශ පරික්ෂණයේදී (06) දා තහවුරු වි ඇතැයි බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය කියයි.

ඉකුත් 3 වැනිදා රාත්‍රියේ හල්දුම්මුල්ල ප්‍රදේශයේදී වැන් රථයක් පෙරලිමෙන් සිදු වු අනතුරකින් එම දරැවා ඇතුළු 14 දෙනෙකු තුවාල ලැබු අතර ඔවුන් හල්දුම්මුල්ල රෝහලට ඇතුළත් කෙරිණි. එම අනතුරින් මෙම දරැවාගේ හිසේ සහ පාදයේ ඇති වු බරපතළ තුවාල හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරැ කර ⁣යවා තිබුණි.

පසුව බදුල්ල මහා රෝහලේ දි සිදු කර ඇති කොරෝනා පරික්ෂණයේදී එම වයස අවුරැද්දයි මාස හතරේ දරැවාට කොරෝනා වෛරස අාසාදනය වි ඇති බවට තහවුරු වි ඇති බව බලන්ගොඩ මහජන සෞඛ්‍ය පරික්ෂක නිළධාරින් පැවැසුහ.

බලන්ගොඩ දෙහිගස්තලාව සහ ගොරක්ගහමඩ ප්‍රදේශවල පදිංචි එම දරැවාගේ මවගේ සහ පියාගේ පවුල්වල සාමාජිකයින් 10 දෙනෙකු (06) දා ස්වයං නිරෝධායනයට යෙමු කිරිමට කටයුතු කල බව බලන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලය පැවැසීය .

Related posts

ජාතික ජන බලවේගය රාජපක්ෂවරුන් ඉලක්ක කර ගනිමින් සිටිනවා – මහින්ද රාජපක්ෂ

Shiran Viraj

හරීන් ඇතුළු ඇමතිලා හතරක් ඉල්ලා අස්වෙයි..? SJB 10ක් ආණ්ඩුවට…?

Shiran Viraj

දුමින්ද සිල්වා නිදහස් කල යුතුයි.. 69 ලක්‍ෂයක් ඡන්දය දුන්නේ ඒ සදහායි..

Shiran Viraj