26.9 C
Colombo
July 27, 2025
NewsPolitical

පාර්ලිමේන්තු මන්ත‍්‍රීගේ පුත‍්‍රයා පොලිස් අත්අඩංගුවට…

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චි මහතාගේ පුත්‍රයා මහරගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ රිය අනතුරක් සිදු වීමෙන් පසු ඇති වූ බහින් බස් වීමකින් පුද්ගලයෙකුට පහර දුන් බවට එල්ල වන චෝදනා මතයි.

මන්ත්‍රී පුත්‍රයාගේ මෝටර් රථය මහරගම නගරයේ දී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු වී ඇත.

අනතුරුව දෙපාර්ශ්වය අතර සිදුවූ බහින් බස් වීමකින් පසු මෙම පහරදීම සිදු කර තර්ජනය කර ඇත.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහු පොලිස් ඇප මත මුදාහැර ඇත.

අනතුරින් කිසිවෙකුට තුවාල සිදුවී නැත.

Related posts

මහා වැසි වැඩි වෙයි. ශ්‍රී ලංකාව අවට වායුගෝලයේ සජීවී චන්ද්‍රිකා ඡායාරූප මෙන්න.

Shiran Viraj

තරග 1000 ක් සම්පූර්ණ කළ පන්දුවාර 20 යි 20 ක්‍රිකට් ඉතිහාසයේ හොඳම සිදුවීම් 20 ට ශ්‍රී ලංකාවෙන් 03 ක්

Shiran Viraj

කිසිවක් නොමිලේ දීමට බෑ.. එසේ කලොත් මුදල් අච්චු ගහන්න වෙනවා.. එවිට රට යලි වැටෙනවා..- ජනපති

Shiran Viraj