31.7 C
Colombo
June 1, 2026
Local NewsNews

හුදකලා කර ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 52කට අඩුවෙයි

නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හමුවේ හුදෙකලා කර තිබූ ග‍්‍රාම නිලධාරී වසම් 8 ක් අද අලූයම 5 ට හුදෙකලා බවින් ඉවත් කෙරුණා. ඇහැලියගොඩ පොලිස් වසමේ ග‍්‍රාම නිලධාරී වසම් 5 ක්, බේරුවල පොලිස් වසමේ ග‍්‍රාම නිලධාරී වසම් 2 ක් සහ පානදුර පොලිස් වසමේ ග‍්‍රාම නිලධාරි වසමක් මෙලෙස හුදෙකලා බවින් ඉවත් කෙරෙන් බවයි රජයේ ප‍්‍රවෘත්ති  දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඇහැලියගොඩ පොලිස් වසමේ මින්නාන, බෝපත්ඇල්ල, විලේගොඩ, අස්ග`ගුල, යකුදාගොඩ යන  ග‍්‍රාමසේවා වසම් මෙලෙස හුදකලා බවින් ඉවත් කෙරුණා. එමෙන්ම බේරුවල පොලිස් වසමේ, මග්ගොන නැගෙනහිර හා මග්ගොන බටහිර යන ග‍්‍රාමසේවා වසම් සහ පානදුර පොලිස් වසමේ 675 තොටවත්ත ග‍්‍රාම නිලධාරී  වසමට පනවා තිබූ හුදෙකලා තත්ත්වය ද අද අලූයම 5 ට ඉවත් කෙරුණු බවයි රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

ඒ අනුව මේ වන විට තවදුරටත් හුදෙකලා තත්වයේ පවතින්නේ ග‍්‍රාම සේව වසම් 52ක් සහ එක් පොලිස් වසමක් පමණයි.

Related posts

හමුදා ලොක්කෙක් ප‍්‍රසිද්ද පන්සලකදී බිරිදට පහර දෙයි..

Shiran Viraj

ඇමරිකා බදුවලින් වාහන මිල යලි ඉහලට…

Shiran Viraj

සාමාන්‍ය පෙළ ප්‍රථිපල අපේක්ෂාවෙන් සිටින පිරිසට ‘මෙන්න සුබ ආරංචියක්’- හිමිවන වරප්‍රසාදය මෙන්න

Shiran Viraj