26.7 C
Colombo
September 18, 2026
Local NewsNews

Whatsapp මහා දත්ත කොල්ලය සූදානම්.. එකග නැති පරිශීලකයන් සියල්ල ඉවත් කෙරේ…

 ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය විසින් නිකුත් කරන ලද නිවේදනයක් මෙහි දැක්වෙයි.

නව කොන්දේසි සමග එකඟ නොවන වට්සැප් ගිණුම් ඉවත් කිරීම මැයි මාසයෙන් පසුව

ජංගම දුරකථන පරිශීලකයන් අතර වඩාත් ප්‍රචලිත වට්සැප් සමාජ මාධ්‍ය යෙදුමෙහි කොන්දේසි සහ පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ලබන පෙබරවාරි 8 දා සිට වෙනස් කිරීමට සැලසුම්කොට තිබුනත් මේ වනවිට එය මේ වසරේ මැයි මාසය දක්වා කල්ගොස් ඇතැයි වට්සැප් සමාගම නිවේදනය කොට ඇත.

මේ සමගම වට්සැප් සමාගම තම පරිශීලකයන් වට්සැප් යෙදුම හරහා සිදුකරනු ලබන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම හා එම දත්ත වාණිජමය අරමුණු සදහා යොදාගැනීම මේ වසරේ මැයි මාසයෙන් පසු කාලයක් දක්වා කල්දමා ඇති බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස ශ්‍රී ලාංකික වට්සැප් පරිශීලකයන් දැනුවත් කරමු.

පෙබරවාරි 8 දා සිට ක්‍රියාත්මක වීමට තිබූ වට්සැප් නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක වීම කල්යාම හේතුවෙන් නව කොන්දේසි සහ නව පෞද්ගලික ප්‍රතිපත්ති මාලාව හා එකග නොවුන පරිශීලකයන් හට මැයි මාසයෙන් පසු කාලයක් දක්වා තම ගිණුම් අහිමිවීමෙන් තොරව භාවිතා කිරීමේ හැකියාව ලැබෙන බව අප ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය ලෙස පෙන්වා දෙමු.

රජීව් යසිරු කුරුවිටගේ මැතිව්
සභාපති
ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ සංගමය

Related posts

ප්‍රබල අකුණු ගැන කාලගුණයෙන් යළිත් අනතුරු ඇගවීමක්

Shiran Viraj

සංචරණ තවත් දීර්ඝ කිරිමට හේතු සොයයි..

Shiran Viraj

උසස් පෙල ටියුෂන් තහනමක්..

Shiran Viraj