25 C
Colombo
September 15, 2026
NewsSportsSports News

ක්‍රිකට් ගොඩනැංවිමට සැකසු විශේෂ යෝජනාවලිය

යෝජනාවලියක් සකස් කර තිබෙනවා. ඒ, ඉකුත්දා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයින් සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවකදීයි.

එහිදී නිලධාරීන් සහ ජාතික පුහුණුකරු අතර සාධනීය අදහස් හුවමාරු වූ බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ. ඒ අනුව නව තේරීම් කමිටුවක් පත් කිරීමටත්, දැනට පවතින ප්‍රථම පන්තියේ ක්‍රිකට් තරඟාවලිය ගැන සලකා බලා එහි ව්‍යුහය අවම වශයෙන් කණ්ඩායම් 08 ක් හා උපරිම කණ්ඩායම් 14 ක් ලෙස පවත්වාගෙන යාමටත් යෝජනා වී තිබෙනවා. 

නව සුපිරි පළාත් තරඟාවලියක් සංවිධාන කිරීම සහ කණ්ඩායම් 05 ක් ඊට එක් කිරීම ද, ඉදිරිපත්ව ඇති තවත් යෝජනාවක්. ජාතික කණ්ඩායමට පත් කළ යුතු ඉහළ හැකියාවන් සහ සුදුසුකම් ලත් නිලධාරීන් හඳුනාගැනීම, ක්‍රීඩකයින් හා පුහුණුකරුවන්ගේ ගිවිසුම් සැලසුම් කිරීමේදී දිරිගැන්වීමේ පටිපාටිය ගැන සලකා බැලීම මෙන්ම ඔවුන්ගේ පෞද්ගලික දක්ෂතා සහ අඛණ්ඩ විනය පවත්වා ගැනීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට ද යෝජනා වී ඇති බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ. 

ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරුවන් මගින් ක්‍රීඩකයින්ගේ සහ සහායකයින්ගේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීමේදී ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවයට සහ විනය ගැන වඩාත් සැලකිලිමත් වීම ද තවත් යෝජනාවක්. 

තවදුරටත් ජාතික හා අන්තර්ජාතික ක්‍රිකට් ව්‍යුහය සකස් කිරීමේදී ඒ සඳහා ක්‍රියාකාරී හා සුදුසුකම් ලත් පුද්ගලයින්ගෙන් සමත් වීමට කමිටුවක් පත් කිරීමට ද එම සාකච්ඡාවේදී යෝජනා වී තිබෙනවා.

එම සාකච්ඡාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා, ජාතික පුහුණුකරු මිකී ආතර්, ජාතික ක්‍රීඩා සභාවේ සභාපති මහේල ජයවර්ධන, ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඉහළපෙලේ නිලධාරීව් පිරිසක් එක්ව සිටි බවයි ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කළේ.

Related posts

අග්‍රාමාත්‍ය කාර්යාලයේ වාහන වෙන්දේසියක් පිළිබඳව චෝදනා – ජනාධිපතිට ලංසුකරුවකුගෙන් පැමිණිල්ලක්

Shiran Viraj

කොළඹ 1/3ක් ලොක් ඩවුන්.. කොළඹ වැටුනොත් රටම හාන්සියි..

Shiran Viraj

අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්

Shiran Viraj