February 2, 2026
NewsPolitical

UNHRCට වෛද්‍ය දැනුම නෑ.. කොරෝනා මෘත දේහ දිගටම පුච්චනවා..

කොරෝනා මල සිරුරු භූමදානය කරන ලෙස ශ්‍රී ලංකාවට උපදෙස් දීමට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ වෛද්‍ය දැනුම පිළිබඳ ගැටළුවක් ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් කරුණු නිවැරදි නොවන බව ද පවසන ඔහු චීනයේ එක් ප්‍රාන්තයක සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක වන්නේ ආදාහන ක්‍රියාදාමය බවද පැවසීය.

එනිසා ලංකාවේ තීරණය ජාතිවාදී බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවද ඔහු සඳහන් කරයි.

එම මෘත දේහය ආදාහනය සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරීන් උපදෙස් ලබාදී ඇති බවත් එම තීරණය මේ වනතෙක් කිසිම වෙනසක් නැති බවත් ඔහු කියා සිටියේය.

ලෝක සෞඛ්‍ය සංවිධානයද දැනුම් දී ඇත්තේ භූමදාන හෝ ආදානය කළ හැකි බවත් රටක අනන්‍යතාවය අනුව වෙනස් කළ හැකි බවත් යැයි ද පැවසූ ඔහු ඒ අනුව ශ්‍රී ලංකාවේ බලධාරියා මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බවත් ඔවුනගේ නිර්දේශ මත ක්‍රියාත්මක වන බවත් ඇමැතිවරයා පැවැසීය.

ඔහු බව කියා සිටියේ කැබිනට් මාධ්‍ය හමුවේ දී අදහස් පළ කරමිනි.

Related posts

කොවිඩ් වැළඳුණු කුඩා දරුවන් 20ක් රිජ්වේ රෝහලෙන් හඳුනාගනී

Shiran Viraj

මහාචාර්ය ගෝමික උඩුගමසූරිය ඇමරිකාවෙන් අස්වී එයි.. ජනාධිපති උපදේශක වෙයි..

Shiran Viraj

ජනපතිගේ තීරණය කියන්න එජාප ඇමතිවරුන් කැඳවයි

Shiran Viraj