27 C
Colombo
July 27, 2025
Local NewsNews

කොරෝනා එන්නතට ලියාපදිංචි වෙන්න වෙබ් අඩවිය ආරම්භ කෙරේ..

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවිය  (Link) රාජ්‍ය අමාත්‍යවරුන් වන නීතිඥ සිසිර ජයකොඩි සහ මහාචාර්ය චන්න ජයසුමන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (10) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේදී නිල වශයෙන් ආරම්භ විය.

රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය නොවැළැක්විය හැකි හේතුවක් මත මෙම අවස්ථාවට සහභාගී නොවීය.

රාජ්‍ය අමාත්‍යාංශයේ වෙබ් අඩවිය තුළින් කොවිඩ් 19 වැළැක්වීම සදහා ලබාදෙන එන්නත සදහා ලියාපදිංචි වීමේ අවස්ථාව සලසා ඇති අතර කොවිඩ් 19 පිළිබද තොරතුරු, අමාත්‍යාංශය යටතේ ඇති ආයතන පිළිබදව මෙන්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති පිළිබදවද තොරතුරු ඇතුළත්ව ඇත.

මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් සමග සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ, රාජ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, මහාචාර්ය නීලිකා මලවිගේ, මහාචාර්ය සරත් ගුණතිලක යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක්  සහභාගීවිය.

තුසිත ජයවර්ධන
මාධ්‍ය ලේකම්

Related posts

ආර්ථික ඔස්තාර්ලාගෙත් ඔස්තාර් මහින්ද රාජපක්ෂයි..

Shiran Viraj

අදානි වැඩ අරඹයි..

Shiran Viraj

අනන්‍යතාවය තහවුරු කල නොහැකි හෙල්මට්කරුවන් අත්අඩංගුවට..

Shiran Viraj