27.8 C
Colombo
June 25, 2025
Local News News

මංගල උත්සව තහනම කල් දැම්මේ හමුදාපතිගේ ඥාති දියණියකගේ විවාහ උත්සවයක් නිසාද…

විවාහ මංගල උත්සව පැවැත්වීම අත්හිටුවීම අද දිනය දක්වා කල් දමන ලද්දේ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ සහෝදරියකගේ දියණියකගේ විවාහ මංගල උත්සවය ඊයේ දිනට යොදාගෙන තිබුණ නිසා බවට සමාජ ජාලවල ආසන්න දින කිහිපයේදී වාර්තා පල විය.

නමුත් එම චෝදනාව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රතික්ෂේප කරයි.

ඔහු සඳහන් කරන්නේ තම සහෝදරියගේ දියණියන් දෙදෙනාම තවමත් පාසල්වියේ දැරියන් බවයි.

ඔවුන්ගේ විවාහය තව බොහෝ කාලයකට සිදු නොවන බවද ඔහු සඳහන් කළේය.

දෙරණ රූපවාහිනිය සමග පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

Related posts

ජනපති රනිල් මහ රැජිනගේ අවමගුලට පිටත් වේ.. වාර්තාවක්ද තියයි…

Shiran Viraj

ෂාෆ්ටර්ගේ බිරිදගේ හා මිතුරාගේ සාක්‍ෂි පරස්පරතා රැසක්.. ඝාතනයේ හෙළි නොවූ රහස්…

Shiran Viraj

ලෝක මානසික සෞඛ්‍ය දිනය අදයි

Shiran Viraj