August 2, 2026
NewsSportsSports News

ලංකාවේ ක‍්‍රිකට් විනාශ කලේ මහේල-සංගක්කාර.. ඔවුන් ක‍්‍රීඩා කලේ වාර්තා වෙනුවෙන්…- අර්ජුන

ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කඩාවැටීම ඇරඹුණේ දෙවෙනි කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධන හේතුවෙන් බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි.

මහේල සංගක්කාර ක‍්‍රීඩා කරන කාලයේදී දෙවැනි පෙළක් නොහැදීම හේතුවෙන් අද තත්ත්වයට ක්‍රිකට් කඩා වැටී ඇතැයි ද ඔහු කියා සිටී.

ඔවුන් රට වෙනුවෙන් ක්‍රීඩා කළේ නැති බවත් තමන්ගේ වාර්තාවන්ට පමණක් ක‍්‍රීඩා කළ බවත් රණතුංග මහතා පෙන්වා දෙයි.

වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාද ෆේල් වී ඇතැයිද පවසන ඔහු බාප්පා ජනාධිපති තාත්තා අග්‍රාමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂ මහතාට ක්‍රිකට් හදන්න නොහැකි නම් වෙනත් කිසිවකුට නො හැකි බවත් කියා සිටී.

අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවක දී ඒ මහතා මෙම අදහස් පළ කර ලදී.

2024 දී පොදු අපේක්ෂකයා තමන් විය හැකි බවද පවසන ඔහු තමන් ඊළඟ ඉම්රාන් ඛාන් වේවි යයි සියලු දෙනා තමන්ට බිය වී සිටින බවද එහිදී කියා සිටියේය.

Related posts

මෙවර කොරෝනා හැදුනොත් මරණය නියතයි..

Shiran Viraj

සති තුනක් පෑවුවොත් විදුලිය නෑ.. ලංකාව ලෙබනන අර්බුදය දෙසට…

Shiran Viraj

දිරියෙන් ජයගත් පහේ හපනා

Shiran Viraj