28.4 C
Colombo
September 19, 2026
Local NewsNews

SJB විරෝධතාවට ආ බස් රථ හරවා යවති.. මහ පාරේ විරෝධතා.. උණුසුම් තත්වයක්..

සමගි ජන බලවේගය (16) දින කොළඹදි පැවැත්විමට නියමිත උද්ඝෝෂණයට සහභාගි විම සදහා නුවරඑලිය දිස්ත්‍රික්කයේ සමගි ජල බලවේගයේ ආධාරකරුවන් පිරිසක් ගමන් ගත් බස් රථ දෙකක් සිය ගමනාන්තය දක්වා යාමට අවසර නොදි පොලිසිය විසින් මාර්ග බාධක යොදා අවහිර කිරිම නිසා දෙපාර්ශවය අතර (16) දින උණුසුම් තත්ත්වයක් ඇති විය.

හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේ හැටන් කුඩාගම ප්‍රදේශයෙන් මාර්ගයේ එක් මංතිරුවක් දිඹුල පතන , තලවකැලේ , ඩයගම පොලිස් ස්ථාන වල නිලධාරින් එක් ව පොලිස් මාර්ග බාධක යොදා ධාවනය වෙමින් තිබු බස් රථ දෙක නතර කර බස් රථයේ ගමන් ගත් රියදුරු ඇතුළු සමගි ජන බලවේගයේ ආධාරකරුවන් වෙත පොලිසිය විසින් මහර අධිකරණය විසින් නිකුත් කර වාරණ නියෝගයක් පිලිබදව දැනුවත් කර එම පිරිස ආපසු හරවා යැවිමට  කටයුතු කරනු ලැබුහ.

අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් සෞඛ්‍ය උපදෙස් වලට පටහැනිව සහ නුවරඑලිය සිට කොළඹ දක්වා බස් රථ දෙක ධාවනය කිරිමට තාවකාලික ගමන් බලපත්‍රයක් නොමැති බවට සදහන් කරමින් එම පිරිස පොලිසිය විසින් ආපසු හරවා යවනු ලැබුවේ.

උද්ඝෝෂණයට සහභාගි විම සදහා කොළඹ යමින් සිටි පිරිස පොලිසියේ නිලධාරින්ගේ බාධා මැද්දේ බස් රථ වලින් බැස ප්‍රධාන මාර්ගයේ උද්ඝෝෂණයේ නිරතව සිටිහ.

සමගි ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් සංවිධායක අශෝක සේපාල මහතා උද්ඝෝෂණයට සහභාගි වෙමින් කියා සිටියේ රටේ සමස්ත ජනතාව පිඩාවට පත් වි ඇති බවත්, ඒ පිලිබදව රටේ පාලකයින් දැනුවත් කිරිමට කොළඹ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගි විමට යමින් සිටි පිරිස නතර කිරිමට පොලිසියට කිසිසෙත් අයිතියක් නොමැති බවයි.

සෞඛ්‍ය උපදෙස් වලට අනුකුලව උද්ඝෝෂණයට සහභාගි විමට නොහැකි නම් , පොදු ජන පෙරමුණ පසුගිය දා කොළඹදි පැවැත්වු සම්මේලනයට සහභාගි වු පිරිසට පමණක් එම නිතිය ක්‍රියාත්මක නොවුවේ කෙසේද යන්න අශෝක සේපාල මහතා මාධ්‍යය හමුවේ කියා සිටිහ.

මේ අතර මස්කෙලිය ආසනයේ සමගි ජන බලවේග සංවිධායක කපිල නාදන්දක මහතාද ඇතුළු සමගි ජන බලවේගයේ පිරිසක් ගිනිගත්හේන ප්‍රදේශයේ සිට කොළඹ දක්වා ගමන් කරමින් සිටි බස් රථයටද ගිනිගත්හේන පොලිස් මුරපොලේදි පොලිසිය විසින් බාධා පැමිණවිම නිසා එම පිරිස පොලිස් මුරපොල අසල උද්ඝෝෂණයට නිරත විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

Related posts

ඉන්දීය හමුදාව ශ‍්‍රී ලංකාවට යැවිය යුතු බව ඉන්දීය ප‍්‍රබලයෙක් කියයි..

Shiran Viraj

තවත් 20ක් ඉවත් වෙයි..? ආණ්ඩුව 100ටත් පහලට බහී…

Shiran Viraj

බෙදුම්කරුවන් 3%නැතිව සටන අවසන් කරති.. සිපෙට්කෝ තම තීරණයේමයි..

Shiran Viraj