26.7 C
Colombo
May 25, 2026
Local NewsNews

මුහුදට දියනාන්න ගිය තරුණයින් තිදෙනෙකු ගසාගෙන යයි.. අයෙකු මරුට… දෙදෙනෙක් අතුරුදහන්…

මුලතිව් මුහුදු වෙරලේ සිට ඊයේ (05) සවස දිය නෑමට ගිය තරුණයින් තිදෙනෙකු මුහුදු රලට ගසාගෙන ගොස් දියේ ගිලීම හේතුවෙන් එක් අයෙකුගේ මළසිරුරක් හමුවී ඇති බවටත් තවත් දෙදෙනෙකු අතුරුදහන්ව ඇති බවට මුලතිව් පොලීසිය පවසයි.

මුහුදේ අතුරුදහන් වූ තරුණයින් දෙදෙනා සෙවීම අද (06) දිනයේදීද පොලීසිය සහ නාවික හමුදාව එක්ව සෙවීම් කටයුතු සිදුකලද මේ දක්වා මළ සිරුරු හමු වී නොමැති බවටත් මළ සිරුරු සෙවීමට අසීරු වී ඇත්තේ මුලතිව් මුහුදු රල ඊයේ දින සිටද දැඩි රලු ස්වභාවයක් ගැනීම නිසාවෙන් බවට මුලතිව් පොලීසිය පැවසීය.

වව්නියාව ප්‍රදේශයේ සිට වෑන්රථයකින් අදාල තරුණයින් තිදෙනා දියනෑම සඳහා ඊයේ (05) සවස මුලතිව් මුහුදු තීරයට ගොස් ඇති අතර එම අවස්ථාවේදීද මුහුදු රල රලු වුවද එය සැලකිල්ලට නොගෙන දිය නෑමට යාමේදී මෙම ඛේදවාචකය සිදුව ඇති බවට මූලික පොලිස් පරික්ෂණ වලදී හෙලි වී ඇත.

මුහුදු රලට තරුණයින් තිදෙනාම ගසාගෙන ගොස් අතුරුදහන්ව තිබූ අතර ඊයේ රාත්‍රියේ එක් තරුණයෙකුගේ මළ සිරුරක් ප්‍රදේශවාසීන් විසින් හමුව ඇති අතර අනෙක් තරුණයින් දෙදෙනා මෙතෙක් සොයාගැනීමට නොහැකිව තිබේ.

මෙලෙස අතුරුදහන්ව සිටියදී සොයාගත් මළසිරුර වව්නියාව මදවයිත්තකුලම් ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි මනෝහරන් තනූජන් නැමති තරුණයා වන අතර අතුරුදහන්ව ඇත්තේ වව්නියාව තොනික්කල් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විජයකුමාර් දර්ශන් සහ සහ මදවයිත්තකුලම් ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සිවලිංගම් සකිලන් යන තරුණයින් බවටද හඳුනාගෙන ඇත.

අතුරුදහන් තරුණයින් සොයා අද දිනය පුරාද නාවික හමුදාව සහ පොලීසියේ කිමිදුම් අංශ විසින් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවටද පරික්ෂණ සිදුකරන මුලතිව් පොලීසිය වැඩිදුරටත් පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

Related posts

රුපියල අදත් පල්ලමේ..

Shiran Viraj

විවාහයට අත්සන් තබන තැන ‘තෙරුවන් සරණයි’ කියා අත්සන් කරලා..

Shiran Viraj

කෝටි 1.20ක අධිබල යතුරුපැදි දෙකක් අල්ලයි…

Shiran Viraj