April 6, 2026
Local NewsNews

ඩොලර් නෑ.. ගවයන්ද බඩගින්නේ.. කිරි නිෂ්පාදනයද පහල බසී…

සත්ව ආහාර සඳහා බඩ ඉරිඟු ආනයනය කිරීම අවශ්‍ය ඩොලර් හිගතාවය හේතුවෙන් ගවයන්ට ප්‍රමාණවත් ආහාර ලබාදීම ගැටළුකාරී වී තිබේ.

මේ තත්ත්වය මත ගවයන්ට බඩඉරිගු වෙනුවට බඩඉරිඟු ගස් ලබාදීමේ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය සඳහන් කරයි.

පොහොර හිගය නිසා බොහෝ ප්‍රදේශවල බඩ ඉරිගු වගා විනාශ වී ගොස් ඇති අතර ඒවායේ විනාශ වූ ගස් මිලට ගෙන ගවයන්ට ලබාදෙමින් සිටින බව මණ්ඩලය කියා සිටී.

සත්ව ආහාර සඳහා බඩ ඉරිගු මිලට ගැනීමට රජය අවසර දුන්නද ඒවා මිලට ගැනීමට මෙතෙක් ඩොලර් ලබා දී නැති නිසා මෙම තත්වය ඇතිව තිබේ.

මේ හේතුවෙන් ගවයින්ගේ කිරි නිෂ්පාදනය සියයට 20ක් පමණ ප්‍රමාණවලින් පහත වැටී ඇතැයිද මණ්ඩලය කියයි.

Related posts

නීත්‍යානුකූලව හොර හැඳුනුම්පත් හදන ක්‍රමයක්.. එට්කා අත්සන් කරන්නත් සූදානම්..

Shiran Viraj

රාජ්‍ය හා නියෝජ්‍ය ඇමති ධුර වලංගුද? නැද්ද? – මත 02ක්

Shiran Viraj

පළාත් සභා මැතිවරණ ක්‍රමය පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව

Shiran Viraj