26.7 C
Colombo
September 18, 2026
BusinessBusiness NewsNews

සහල් මිල ඉහලට.. නාඩු 165යි.. සුදු කැකුළු 140යි.. තැන තැන සහල් හිගයක්…

රටපුරා බොහෝ ප්‍රදේශවල නාඩු, සුදු කැකුළු හා රතු කැකුළු සහල් වල මිල ගණන් ඉහළ ගොස් තිබේ.

පසුගිය සතියට වඩා මේ සතිය වන විට කිලෝවක් රුපියල් දහයත් පහළොවත් අතර මිලකින් ඉහළ ගොස් ඇත.

ඇතැම් ප්‍රදේශවල සහල් වර්ගවල හිගයක්ද ඇති වී තිබේ.

රුපියල් 140 ට අලෙවි වූ නාඩු සහල් වර්තමාන වන විට රුපියල් 165 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

කිලෝවක් රුපියල් 160කට අලෙවිවූ සම්බා සහල් කිලෝවක් රුපියල් 180 මිල ඉක්මවා ගොස් ඇත.

රුපියල් 120-125ක් අතර මිලකට අලෙවි වු සුදු කැකුළු කිලෝව රුපියල් 140 දක්වා මිල වැඩි වී තිබෙන අතර රුපියල් 110 ක පමණ මිලකට අලෙවි වූ රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 125 ඉක්මවා ගොස් තිබේ.

කීරි සම්බා කිලෝව රුපියල් තුන්සීයකට ආසන්න වී ඇත.

සහල් වෙළඳුන් සඳහන් කරන්නේ වෙළඳපොළට ලැබෙන සහල් තොග අඩුවීම නිසා මිල ඉහළ ගොස් ඇති බවයි.

රජය සහල් හිල පාලනයෙන් මේ වන විට ඉවත් වී ඇති අතර සහල් වෙළඳුන් විසින් මිල තීරණය කරමින් සිටී.

Related posts

පෙනෙනවාට වඩා විනාශය විශාලයි; භාණ්ඩාගාරයෙන් පමණක් ගොඩ දාන්න බෑ – ජනපති

Shiran Viraj

ජනපතිගේ ගැසට් එකේ දෝෂයක්!

Shiran Viraj

ජනාධිපතිවරණයක්..? ගම සූදානම් කරන්නැයි ජනපති පොහොට්ටුවන්ට දන්වයි..

Shiran Viraj